'වකුගඩු ජාවාරමට නවලෝක සම්බන්ධ නැහැ'

ඉන්දීය පුවත් පත්වල වාර්තා වූ වකුගඩු ජාවාරමට නවලෝක රෝහලේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා පවසයි.
නමුත් ඉන්දියාවෙන් පැමිණෙන පුද්ගලයන් පරිත්‍යාග කරන වකුගඩු එම රෝහලේදී රෝගීන්ට බද්ධ කෙරෙන බව පිළිගත් නවලෝක රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලාල් සමරසිංහ කියා සිටියේ ඒවා නීත්‍යනුකූල සිදු කෙරෙන බවයි.
මේ අතරතුර වකුගඩු විකිණීමේ ජාවාරමට හවුල් යැයි සැක කෙරෙන තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හයිද්රාබාද් පොලිසිය ප්‍රකාශ කළේය.
මොවුන් නීති විරෝධී ලෙස වකුගඩු විකිණීම සඳහා ඉදිරිපත් වූ විසි එක් දෙනෙකු ශ්‍රී ලංකාවට එවා ඇති බවයි වාර්තා වන්නේ.
ඩොලර් දෙදහස් පන්සියයක්
ඉන්දීය වාර්තාවලට අනුව එක් වකුගඩුවක් සඳහා මෙම ජාවාරම් කරුවන් ඩොලර් දෙදහස් පන්සියයක් ගෙවා තිබේ.
ජාවාරම් කරුවන්ට සහ වකුගඩු ලබා දෙන පුද්ගලයන්ට සෘජුවම මුදල් ගෙවන කොළඹ රෝහල් කිහිපයක ලැයිස්තුවක් හයිද්‍රාබාද් පොලිසිය නිකුත් කර තිබුණි.
මෙම ලැයිස්තුවට කොළඹ නවලෝක රෝහලද ඇතුළත් වී තිබුණු අතර එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලාල් සමරසිංහ කියා සිටියේ තම රෝහල වකුගඩු මිලට ගත් බවට සාක්ෂි නොමැති බවයි.
කෙසේ නමුත් මෙම ජාවාරම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඉන්දීය පොලිස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පිටත් කර හරින බව හයිද්රාබාද් පොලිසිය පවසයි.
මෙම විමර්ශන කටයුතු සඳහා මෙතෙක් ශ්‍රී ලංකා පොලිසියෙන් ඉන්දියාව නිල වශයෙන් සහාය පතා නැති බවත් එවැනි ඉල්ලීමක් කළහොත් සහයෝගය ලබා දීමට සුදානම් බවත් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය.








