චීන වරාය ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවට

මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම්
ඡායාරූප ශීර්ෂ වැකිය, මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම්

ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම හේතුවෙන් එම ගම්වාසීහු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම්
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම්

ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චීන වරාය වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම් අක්කර දහස් ගණනක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම නිසා ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය පමණක් නොව දෛනික කටයුතු පවත්වා ගෙන යාමේ නිදහස ද අහිමි වී ඇති බව උතුර හා නැගෙනහිර සිංහල සංවිධානය චෝදනා කරයි.

මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම් තුළ ඒවා ගුවන් හමුදාවට අයත් බව කියැවෙන දැන්වීම් පුවරු සවි කර තිබේ.

ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය අහිමි වී ඇති බව
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය අහිමි වී ඇති බව

මේ සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් ශෂිකලා දේවී ජලදීපන්, කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටි අතර ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් ටී ටී ආර් ද සිල්වා පැවසුවේ අපගේ විමසුම අපැහැදිලි බවයි.

ගුවන් හමුදා ප්‍රකාශකගෙන් දුරකථනය ඔස්සේ තොරතුරු දැන ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.