උතුරු මහ ඇමතිට තහනමක්

- Author, කේ එස් උදයකුමාර්
- Role, කොළඹ
උතුරු පළාතේ ප්‍රධාන ලේකම්වරියට නීති විරෝධී නියෝග නිකුත් කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය උතුරු පළාතේ මහ ඇමති සිවී විග්නේශ්වරන් වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.
උතුරු පළාතේ ප්‍රධාන ලේකම් විජය ලක්ෂ්මි රමේෂ් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් සඳුදා එම නියෝගය නිකුත් කළේ.
පෙත්සම්කාරිය පවසන්නේ සිය අවසරයකින් තොරව පලාතෙන් පිටවී යා නොහැකි බවට උතුරු පළාතේ මහ ඇමතිවරයා තමන් වෙත නියෝගයක් පනවා ඇති බවයි.

අදහස් ප්‍රකාශ කිරීමටද විවිධ තහංචි පනවා ඇති බව පවසන ඇය නීති විරෝධී නියෝග ගණනාවක් නිකුත් කර ඇති බවද කියා සිටියාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් මහ ඇමතිවරයාට නියෝග නිකුත් කිරීමට බලයක් නොමැති බව පවසන ලේකම්වරිය තමන් වගකියනු ලබන්නේ පළාත් ආණ්ඩුකාරවරයාට පමණක් බවයි, සඳහන් කරන්නේ.
කිසිදු පුද්ගලයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කල අගවිනිසුරුවරයා එය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීමක් බව කියා සිටියේය.




