නැගෙනහිර 132 ක් කොමිසම ඉදිරියේ

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නැගෙනහිර පළාත සඳහා වූ සිය පළමු අදියරේ විමර්ශන කටයුතු අද සෙනසුරාදා අවසන් කරන ලදී.
චෙන්කලඩි,කිරාන්,සහ මඩකලපුව නගර ප්‍රදේශවල බ්‍රහස්පතින්දා සිට දින තුනක් තුළ සිදු කළ විමර්ශන කටයුතු සඳහා එක සිය හැට එක් දෙනෙකු කැඳවා ඇතත් වාචික ප්‍රකාශන ලබා දී ඇත්තේ එකසිය තිස් දෙදනකු බවයි වාර්තා වන්නේ.
කොමිසමේ ලේකම් එස්.ඩබ්ලිව්.ගුණසේන පැවසුවේ පසුගිය දින තුනේ දී එක සිය විසි නව දෙනෙකු ප්‍රකාශන ලබා දී ඇති බවයි.
තුන් දෙනෙකු රහසි ගතව ප්‍රකාශන ලබා දී ඇති බවත් ඔහු පැවසුවේය.
අලුත් පැමිණිලි එක් දහස් දෙසිය අසූ හතක් ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.
එක් දහස් නවසිය අනූවේ හය වැනි මාසේ විසි හතර වැනි දින විශේෂ කාර්ය බලකාය විසින් තම පිරිමි දරුවන් තිදෙනෙකු එකම දිනයේ රැගෙන ගිය බව සාක්ෂි දීමට පැමිණ සිටි ඔවුන්ගේ මව මහේස්වරි රාජනාදන් පැවසුවාය.
නව දරු මවකු වන ඇය පැවසුවේ දරුවන් තිදෙනා අතරින් දෙදෙනෙකු දහතුන් වියේ සහ දහ නව වන වියේ පසු වු පාසල් සිසුන් බවයි.

ඡායාරූප මූලාශ්‍රය, bbc
තමන් පොතුවිල් සිංහල මහා විද්‍යාලයේ අනාථ කඳවුරේ රැදී සිටි කාලයේ මෙම සිද්ධිය සිදු වූ බව අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ සිට පැමිණ සිටි ඇය පැවසුවාය.
තිරුපෙරුන්තුරයි පදිංචි ජේසුදාසන් එලිසබෙත් වසර විසි හතරකට කට පෙර අතුරුදහන් වූ පුතා පිළිබඳව තොරතුරු සොයමින් අද සාක්ෂි දීමට පැමිණ සිටියාය.
එක් දහස් නවසිය අනූවේ ඔක්තෝබර් මාසයේ විසි පස් වෙනිදා දහසය හැවිරිදි පාසල් සිසුවෙකු වූ තම පුතා හමුදාව සමග ආ ටෙලෝ සංවිධානයේ සාමාජිකයන් විසින් ට්‍රැක්ටරයකින් රැගෙන ගිය බවයි කොමිසමට සාක්ෂි
දෙමින් ඇය කියා සිටියේ.
එක් දහස් නවසිය අනූවේ දී කුරුකල්මඩම් ප්‍රදේශයේ අතුරුදහන් වූ එක සිය පනහකට අධික මුස්ලිම් ගම්වාසීන් පිලිබඳව පැමිණිලි ඉදරිපත් කිරීමට දෙදෙනෙක් පැමිණ සිටියහ.
විමර්ශන කටයුතු අවසන් වූ පසු අතුරුදහන් වූ මුස්ලිම් ගම්වාසීන්ගේ මිනීවලවල් ඇති බව සැක කෙරෙන ප්‍රදේශයකට කොමිසමේ සාමාජිකයන් ගොස් නිරීක්ෂණය කල බව නැගෙනහිර පළාත් සභා මංත්‍රී සිෆ්ලි මොහමඩ් ඵරූක් සඳහන් කළේය.
අධිකරණ නියෝගයක් ලබාගෙන එම ප්‍රදේශය හෑරීමට කටයුතු කරන බව කොමිසමේ සාමාජිකයන් තමන්ට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




