කොළඹදී බොරු කිවුවේ තර්ජන නිසා - දොස්තර වර්ධරාජා

ඡායාරූප මූලාශ්‍රය, Sunanda Deshapriya
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වීම සහ සාමාන්‍ය වැසියන් තුවාල ලැබීම පිළිබඳව අසත්‍ය වාර්තා ඉදිරිපත් කරන මෙන් කොටි සංවිධානය කිසිදු බලපෑමක් එල්ල නොකළ බව මුලතිවු දිස්ත්‍රික්කයේ සේවය කළ දොස්තර ටී වර්ධරාජා පවසයි.
ජිනීවා නුවර සිට සංදේශය සමඟ අදහස් දැක්වූ දොස්තර වර්ධරාජා, එල්ටීටීඊයෙන් එසේ බලපෑම් එල්ල වූ බවට <link type="page"><caption> කොළඹදී මාධ්‍යවේදීන් අමතමින්</caption><url href="http://news.bbc.co.uk/1/hi/world/south_asia/8141007.stm" platform="highweb"/></link> කියා සිටියේ, පොලිස් අත් අඩංගුවේ සිටියදී ආණ්ඩුවෙන් එල්ල වූ තර්ජන නිසා බව අවධාරණය කළේය.
"මම හතර වෙනි තට්ටුවේ හිටපු කාලේ ආණ්ඩුව බලපෑම් කළා බොරු කිවුව කියල කියන්න නැත්නම් අවුරුදු තුන හතරක් ඔයාල තියා ගන්නවා කියල,"බවයි, වෛද්‍යවරයා පවසන්නේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් ජිනීවා නුවර සංවිධානය කොට තිබුණු රැස්වීමකදී සිය අත්දැකීම හෙළි කිරීමෙන් අනතුරුවයි, වෛද්‍යවරයා බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ.
'නංගී පොලිසියට කැඳවලා'
එහෙත් සිය සහෝදර වෛද්‍යවරුන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව උදෙසා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වීම ඔහු ප්‍රතික්ෂේප කළේය.
යලිත් වරක් රහස් පොලිසියේ පෙනී සිටින මෙන් සිය නිවසට ලිපියක් ලැබී තිබෙන බව සඳහන් කළ ඔහු, තමන්ට පැමිණිය නොහැකි නම් සිය නැගණියට හෝ පොලිසියට පැමිණෙන මෙන් එයින් දැනුම් දී ඇතැයිද සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
දොස්තර ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මොහොත දක්වාම යුද ගැටුම කලාපයේ රෝගීන්ට ප්‍රතිකාර කළ රජයේ වෛද්‍යවරුන් අතලොස්ස අතරින් කෙනෙක්. ඔහු ඇතුළු වෛද්‍යවරු පස් දෙනෙක් ඒ දිනවල යුද පෙරමුණේ තත්වය පිළිබඳව බීබීසී සංදේශය ඇතුළු ජනමාධ්‍යවලට නිරන්තරයෙන් තොරතුරු හෙළි කළහ.
යුද්ධයෙන් අනතුරුව අත් අඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරුන් පිරිස මාස ගණනක් මුළුල්ලේ රඳවා ගනු ලැබූ අතර, 2009 ජුලි 08 වැනි දින ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේදී ජනමාධ්‍ය හමු වූ ඔවුන් සියලු දෙනාම කියා සිටියේ කොටි සංවිධානයේ තර්ජන හමුවේ යුද පෙරමුණේ තත්වය අතිශයෝක්තියෙන් හුවා දැක් වූ බවයි.
ඉන් අනතුරුව ඔවුන්ට <link type="page"><caption> යලි සේවය කිරීමට</caption><url href="http://news.bbc.co.uk/1/hi/world/south_asia/8297568.stm" platform="highweb"/></link> අවසර ලැබිණ.
එහෙත් යුද්ධය සමයේ තමන් කිසිවක් අතිශයෝක්තියෙන් වාර්තා නොකළ බව ජිනීවා සාකච්ඡාවෙන් අනතුරුව සංදේශයට කියා සිටි වෛද්‍යවරයා, තමන් හෙළි කළ කරුණු සත්‍ය බව එහි සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සේවකයන් පවා සනාථ කොට තිබෙන බවද සඳහන් කළේය.
'ඖෂධ නෑ'
"අපිට දවසකට සීයකට වඩා දවසකට තුවාල වෙච්ච අය එනවා. එල්ටීටීඊය එහෙම වැඩි කරන්න කිවුවේ නෑ. අපි වැඩිපුර කිවුවෙත් නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම තමා සේවය කළ තාවකාලික රෝහල් ගණනාවකටම ෂෙල් ප්‍රහාර එල්ල වූ බව අවධාරණය කරන වෛද්‍ය ටී වර්ධරාජා, යුද්ධයේ අවසාන මාස තුන ඇතුලත රතු කුරුසය විසින් බරපතල තුවාල ලැබූවන 9000 ක් මුල්ලිවයික්කාල් සහ පුදුමාතලෙයි වැනි ප්‍රදේශවල සිට ත්‍රිකුණාමලය සහ වවුනියා ඇතුළු ප්‍රදේශවලට ප්‍රවාහනය කළ අන්දම සිහිපත් කළේය.
ලක්ෂ තුනක සාමාන්‍ය වැසියන් පිරිසක් යුද කලාපයේ කොටු වී සිටියදී, එහි සිටින්නේ 80,000 ක පිරිසක් පමණක් බව ආණ්ඩුව අවධාරණය කළ අන්දමද වෛද්‍යවරයා සිහිපත් කරයි.
"බෙහෙත්, කෑම ඔක්කොම දුන්නේ 80,000 කට ඇතිවෙන්න. හැබැයි අර සිහි නැති කරන බෙහෙත්, ලේ දුන්නෙම නෑ. ඒ හින්ද ලොකු, ලොකු තුවාල වෙච්ච කට්ටිය බෙහෙත් නැතිව, ප්‍රතිකාර නැතිව මැරිලා ගියා," යනුවෙන්ද දොස්තර වර්ධරාජා සංදේශයට කියා සිටියේය.
කෙසේ නමුත් යුද සමයේදී වෛද්‍යවරුන් පිරිස ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොර බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුව නිරන්තරයෙන් කියා සිටියේ.








