ජාත්‍යන්තර පරීක්ෂණය ‘ක්‍රියාත්මක කරන්න’

ඡායාරූප මූලාශ්‍රය, AP
නවී පිල්ලේ මහ කොමසාරිස් වරිය ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවෙන් <link type="page"><caption> කළ නිර්දේශය</caption><url href="http://www.ohchr.org/EN/HRBodies/HRC/RegularSessions/Session25/Pages/ListReports.aspx" platform="highweb"/></link> ක්‍රියාවේ යොදවන ලෙස මානව හිමිකම් සංවිධාන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියි.
සන්නද්ධ ගැටුම නිමා වී පස් වසරක් ගත වීත් යුද පීඩිතයන්ට හා නෑ සියන් ට යුක්තිය ඉටු නො වීම 'අතිශයින් ලජ්ජා සහගත' කටයුත්තක් ලෙසයි ඇම්නස්ටි ජාත්‍යන්තරය විසින් හඳුන්වන ලද්දේ.
මහ කොමසාරිස් වරියගේ නවතම වාර්තාව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සහ යුද අපරාධ සම්බන්ධයෙන් පැවැත්විය යුතු ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන 'තියුණු සහ අත්‍යවශ්‍ය සිහි කැඳවීමක්,' බව ඇම්නස්ටියේ ආසියා ශාන්තිකර කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂිකා පොලි ට්‍රස්කොට් පැවසුවාය.
රටේ අධිකරණ පද්ධතිය කෙරේ විශ්වාසය ගිලිහී ගොස් ඇති හෙයින් ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව මතු වී තිබෙන බවයි ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ.
සාමාන්‍ය නඩු විභාගයක් සම්බන්ධයෙන් පවා ශ්‍රී ලංකාවේ නීති පද්ධතියත්, අධිකරණ ක්‍රමයත් සාධාරණ ආකාරයෙන් කටයුතු කරන බවක් පෙනී නො යන බව පවසන කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු, බීබීසී සංදේශයට කියා සිටියේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රට තුල කිසිදු යුක්ති සහගත ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ නො හැකි බවයි.
අදාළ චෝදනා පිළිබඳ ව පස් වසරක් තිස්සේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින මහ කොමසාරිස්වරිය, ඊට හේතු සාධක දක්වා නැති බවයි, ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ.
ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම ඔහු විසින් හඳුන්වනු ලැබුයේ 'වෙනත් අයගේ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට රට විවෘත කිරීමක්' ලෙසින්.
මහ කොමසාරිස් වරියගේ නිර්දේශය අනුමත කිරීමට මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් සැලකිය යුතු සංඛ්‍යාවක් සුදානමින් සිටින බවයි අධිනීතිඥ බැසිල් ප්‍රනාන්දු වැඩි දුරටත් කියා සිටියේ.








