ශ්‍රී ලංකාව ‘ප්‍රගතියක් අත් කොට ගෙන නෑ’

ජාතික සංහිඳියාව සහ වගකීම් සහගත බව පිළිබඳ ව සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අපොහොසත් වීම නිසා නැවත වතාවක් ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවලියක් ගෙන ඒමට අනුග්‍රහය දක්වන බව එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ සිදු වන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ද එක්සත් ජනපදය තවදුරටත් සැලකිල්ලෙන් සිටින බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා බීබීසී සංදේශයට කියා සිටියේ.
ඉඩම් අත් පත් කර ගැනීම්, ආගමික මෙහෙයවීමෙන් කැරෙන ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳ ව ශ්‍රී ලංකාව ‘ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කොට ගෙන නැති’ බව ඇය කියා සිටී.
‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ න්‍යාය පත්‍රය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් තැබිය යුතු බවට තක්සේරු කිරීමට මෙම යථාර්ථයන් විසින් එක්සත් ජනපදය පොළඹවා ඇති’ බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

ඇය මේ බව ප්‍රකාශ කළේ යුද අපරාධ පිළිබඳ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේදී.
යුද අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවක් එක්සත් ජාතීන් හමුවට මාර්තුවේ දී ගෙන ඒමේ සැලසුමක් ඇතැ’යි ශ්‍රී ලංකාවේ පස් දින සංචාරයක යෙදෙන යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ස්ටීවන් ජේ රැප් දෙමළ ජාතික සන්ධානයට දැනුම් දුන් බවයි <link type="page"><caption> එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/01/140107_sumandiran_rapp_warcrimes.shtml" platform="highweb"/></link> බීබීසී යට කියා සිටියේ.
එල්ටීටීඊ ය සමඟ පැවති යුද්ධයේදී සිදු වූ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වාසනීය වූ පරීක්ෂණයක් පවත්වන මෙන් එක්සත් ජනපදය දිගින් දිගටම ඉල්ලා තිබෙන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාව සිහිපත් කළාය.
තානාපති ස්ටීවන් ජේ රැප් බදාදා උතුරේ දී, මහ ඇමැති සී වී විග්නේස්වරන්, ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි, රායප්පු ජෝසප් රදගුරු තුමා ඇතුළු බහුජන නියෝජිතයන් මුණ ගැසී ඇති අතර උදයන් මාධ්‍ය ආයතනයට ද ගොස් තිබේ.








