ජනාධිපති වරයා ගෙන් චැනල් 4 වෙත පිළිතුරු

තමනට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දක්වන්නේ නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ චැනල් 4 මාධ්‍යවේදියකුට කියයි.

එල්ටීටී ඊයට එරෙහි යුද්ධයේදී සිදුවූ බවට නැගෙන එම චෝදනා ජනාධිපති මහින්ද රාජපක්ෂ නොතකා හැරියේ රජයේ කෝපයට පාත්‍රවී තිබෙන බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රුපවාහිනියේ විදේශ කටයුතු වාර්තා කරු <link type="page"><caption> ජොනතන් මිලර් කොළඹ දී ජනාධිපතිවරයාගෙන් අනපේක්ෂිතව</caption><url href="http://bcove.me/2m0p67h3" platform="highweb"/></link> නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.

ඒ අවස්ථාවේ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන පොදු රද මඩුලු ව්‍යාපාරික මුළුව වාර්තා කරන්නට ගොස් සිටි අපේ වාර්තාකරු අසාම් අමීන් පවසන්නේ ජනාධිපති වරයා හා චැනල් 4 මාධ්‍යවේදියා අතට අත දී වෙන්ව ගිය බවයි.