උතුරේ වෙසෙන්නේ දෙමළ ජනතාව පමනක් නොවෙයි - පොලිස් ප්‍රකාශක

යුද්ධය අවසන් වීමෙන් පසු දෙමළ භාෂාව කථා කරන නිලධාරීන් එක දහස් පන්සියයක් පොලීසියට බඳවා ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය ප්‍රකාශ කරයි.
ඒ අතරින් උප පොලිස් පරීක්ෂකයන් හට දෙනකු සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ.
මුළු නිලධාරීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව දෙමළ කථා කරන නිලධාරීන්ගේ සංඛ්‍යාව දෙදහස් අටසියයක් බවත් එයින් නවසියයක් උතුරු පළාතේ සේවය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රතිපත්ති ප්‍රකාශනය
උතුරු පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් මහා ඇමති සී.වී.විග්නේශ්වරන් කියා සිටියේ උතරු පලාතේ පොලීසිය සඳහා දෙමළ ජනතාවගේ සංස්කෘතිය දන්නා දෙමළ කථා කරන පොලිස් නිලධාරීන් බඳවා ගත යුතු බවයි.
ඒ තුලින් දෙමළ කථා කරන ජනතාවට වැඩි සේවයක් කිරීමට හැකි බවයි මහ ඇමතිවරයා ප්‍රකාශ කලේ.

ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ මේ වන විටත් උතුරේ ජනතාවට තමන්ගේ භාෂාවෙන් පැමිණිලි කිරීමේ, පිටපත් ලබා ගැනීමේ, අධිකරණ වාර්තා ලබා ගැනීමේ මෙන්ම පොලීසිය සමග කතා කිරීමේ අවස්ථාව සැලසී ඇති බවයි.
බහුවිධ සමාජයක්
පොලිස් පුහුණු පාඨමාලාවට බහුවිධ සමාජයක් තුල සේවය කිරීමේ දී පොලිස් නිලධාරීන්ගේ භූමිකාව පිළිබඳ විෂය ඇතුලත් කොට ඇති බව පැවසූ ඔහු එහිදී විවිධ ජන සමාජ වල චාරිත්‍ර වාරිත්‍ර වලට ගරු කරන ආකාරය ගැනද ඉගැන්වෙන බවද ප්‍රකාශ කළේය.
පොලීසිය, උතුරේ දෙමළ ජනතාව පමනක් වෙසෙන බවට නොසලකන බව පැවසූ ඔහු වවුනියාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජාතීන් තුනම වෙසෙන බවත් මන්නාරමේ දෙමළ සහ මුස්ලිම් යන ජාතීන් වෙසෙන බවත් පේනවා දුන්නේය.
ලෝකයේ කිසිම රටක වැඩියන් සිටින ජන වර්ගයෙන් පොලීසියට නිලධාරීන් බඳවා නොගන්නා බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ පොලීසියට නිලධාරීන් බඳවා ගන්නේ තරඟ විභාගයකින් හෝ සම්මුඛ සාකච්ජාවකින් වැඩිම ලකුණු ගන්නා අය තෝරා ගැනීමෙන් බවයි.








