එජාප පාර්ශ්ව කරුවන් දෙපිරිසක් අතර මාතර දී ගැටුම්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ශ්ව කරුවන් දෙපිරිසක් අතර මාතර දී හට ගත් ගැටුම් වලින් අට දෙනකු තුවාල ලබා රෝහල ගත කොට තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තනතුරට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරින ලද , දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක නායකත්වය දුන් පිරිස එක් කණ්ඩායමක්.
එම පිරිස දෙවිනුවර සිට කොළඹ දක්වා පෙළපාලියක යමින් සිටියහ.
එම කණ්ඩායම් සහ එක්සත් ජාතික පක්ෂ නායකයාට සහය පළ කරමින් පෙළපාලියක ගිය එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ගේ නායකත්වයෙන් යුතු පිරිස අතරයි මේ ගැටුම් හට ගත්තේ.
මාතර මහා නගර සභාව ඉදිරියේ දී දෙපාර්ශවය අතර හට ගත් ගුටිබැට හුවමාරුවේ දී වෙඩි තැබීමක් ද සිදු වී තිබේ.
එම වෙඩි තැබීමෙන් පස් දෙනෙක් තුවාල ලැබූහ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපන ලද දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා, හර්මන් ගුණරත්න සහ ඔහුගේ සොහොයුරෙකු ද අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.




