ග්‍රෑන්ඩ්පාස් සන්සුන්

ග්‍රෑන්ඩ්පාස් ප්‍රහාරයට මුල් වූ, අලුතින් ඉදි කළ මුස්ලිම් පල්ලිය ප්‍රාදේශීය මුස්ලිම් නායකයන් විසින් වසා දමන ලදී.
ඒ වෙනුවට නගර සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉවත් කිරීමට නියමිත ව තිබූ පැරණි පල්ලිය දිගටම පවත්වා ගෙන යාමට රජය සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
පල්ලියට පහර දුන් කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට බලධාරීන් ක්‍රියා නො කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන්ගෙන් රජයට විවේචන එල්ල වෙමින් පවතී.
ප්‍රහාරයෙන් අනතුරුව පනවන ලද ඇඳිරි නීතිය ඉවත් කර ඇති නමුත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ.




