ග්‍රෑන්ඩ්පාස් හි ගැටුමකින් පසු ඇඳිරි නීතිය - පස් දෙනෙක් රෝහලේ

ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ලවූ ප්‍රහාරක් සමග දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

ගැටුම්වලින් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රෝහල් ගත කොට ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

මේ වනවිට ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ස්වර්ණ චෛත්‍යය පාරේ එම මුස්ලිම් දේවස්ථානයේ දෛනික නැමැදුම් පැවැත්වෙමින් තිබෙන අතර වාරයේ ප්‍රහාරයක් එල්ලවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එයින් පසු හටගත් උණුසුම්කාරී තත්වය රාත්‍රී කාලය දක්වාම පැතිර ගොස් තිබේ.

මීට මසකට කලින් රාවනා බලය සහ ප්‍රදේශවාසී බෞද්ධ හිමිනමක් ඇතුළු පිරිසක් පැමිණ මුස්ලිම් දේවස්ථානය පවත්වා ගෙන නොයන ලෙසට දන්වා තිබුනු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඉන් අනතුරුව එම පිරිසත් මුස්ලිම්වරුනුත් අතර ඇතිකරගත් එකඟත්වය මත මසක් ඇතුලත දී මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කර තිබූ නමුත් මීට දින කිහිපයකට පෙර ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් මුස්ලිම් දේවස්ථානය පවත්වාගෙන යන ලෙසට උපදෙස් දී තිබූ බව ප්‍රදේශවාසීහු පවසති.