නවී පිල්ලේ හමුවීමට අවශ්‍යයි -ෆොන්සේකා

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරිය හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමන් ඉල්ලීමක් කරන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේය.
මේ මස අග දී ශ්‍රී ලංකාවේ තත්වය සොයා බැලීම සඳහා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමසාරිස් නවීන් පිල්ලි ශ්‍රිලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.
මාධ්‍ය හමුවකදී සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා තව දුරටත් කියා සිටියේ රටේ තිබෙන දූෂිත දේශපාලනය සහ මානව අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ ව ලෝක ප්‍රජාව දැනුවත් කළ යුතු බවයි.
‘යුද්ධය කළ ආකාරය ගැන යම් යම් ප්‍රශ්න මතුවී ඇති නිසා ඒ සම්බන්ධව නිසි පිළිතුරු දිය හැක්කේ යුද්ධය මෙහෙයවූ තමන්ට පමණක්’ බව පවසන හිටපු හමුදාපතිවරයා තමන්ට ඒ අවස්ථාව ලබා නො දීම ‘ප්‍රශ්නයක්’ බව ද පැවසිය.
‘හමුදාවේ යම් යම් දූෂිත නිලධාරීන් යොදවා ආණ්ඩුව උතුරේ දේශපාලනය කිරීමට හමුදාව යොදා ගන්නවා’ යි සරත් ෆොන්සේකා මෙහි දී පැවසුවේය.




