මාතලේ සමූහ මිනීවල ගැන වහා පරීක්ෂණ අරඹන්න - අධිකරණය

අතුරුදහන් වූ තම පවුල්වල සාමාජිකයින්ගේ අස්ථි කොටස් මාතලේ සමූහ මිනී වළෙහි ඇති බවට සැක කරන බව පවසමින් ඥාතීන් ඉදිරිපත් කළ දිව්රුම් පෙත්සම් දහතුනක අඩංගු කරුණු පිළිබඳ වහා විමර්ශන අරඹන ලෙස මාතලේ මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
මාතලේ පොලිස් ස්ථානයේ දී පෙත්සම්කරුවන්ගේ සාක්ෂි විමසීම මැයි මස දහ හතර වන දින අරඹන මෙන් ඇය නියෝග කළ බව පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුනිල් වටගල බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.
එම සාක්ෂි විමසීම් පිලිබඳ වාර්තාව මැයි තිස් එක්වනදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද අපරාධ විමර්ශන අංශය වෙත නිකුත් කරන ලද නියෝගයේ සඳහන් වේ.
මෙම තීන්දුව පදනම් කරගෙන ඥාතීන් ඉල්ලා සිටින පරිදි ඩීඑන්ඒ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පරීක්ෂණය පුළුල් කිරීමට හැකිවනු ඇතැයි නීතිඥ වටගල විශ්වාසය පළ කළේය.
මළ සිරුරු 156 ක අස්ථි කොටස් මේ වනවිට මාතලේ සමූහ මිනී වලෙන් හමුවී තිබෙන බව පවසන නීතිඥවරයා, 89-90 සමයේදී 480 කට අධික පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇතැයි කොමිෂන් වාර්තාවක සඳහන් වන බව සංදේශය කළ විමසීකදී සඳහන් කළේය.
මෙම පෙත්සම් කරුවන් එකොලොස් දෙනා නඩුවේ පාර්ශවකරුවන් ලෙස භාරගන්නා බව මහේස්ත්‍රාත්වරිය පසුගිය නඩුවාරයේදී ප්‍රකාශ කළාය.




