ශ්‍රී ලංකාවේ අපනයන පහල වැටිලා - අපනයන සංවර්ධන මණ්ඩලය

ගතවගිය වසරේදී ශ්‍රී ලංකාවේ අපනයන පහල වැටී තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2011 දී ශ්‍රී ලංකාවේ අපනයන සියයට 23 කින් ඉහල ගිය බව පවසන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති යූසුෆ් මරික්කාර්, කෙසේ නමුත් ගතව ගිය වසරේදී එය සියයට හයකින් පහල වැටී ඇති බව බීබීසී සංදේශයට පැවසීය.
මෙම බිඳ වැටීමට හේතුව කවරක් දැයි සොයා බැලීමෙන් අනතුරුව තමන් දැන් අපනයනකරුවන්ට බදු සහණ, බදු රහිත වාහන ඇතුළු පහසුකම් ලබාදී යලිත් වරක් අපනයන නගා සිටුවීමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.
අපනයන නගා සිටුවීම සඳහා කම්කරුවන්ට විශේෂ සහණ ලබාදීමේ වැඩපිළිවෙලක් නැතත්, යලිත් වරක් අපනයන ඉහල ගිය පසුව ඔවුන්ගේ වැටුප් වැඩිකිරීමට හාම්පුතුන් පියවර ගනු ඇති බවයි, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ.




