
දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි
අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව බරපතල අවධානය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යලිත් ඉලීමක් කරයි.
වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නොතකා හරිමින් දෝෂාභියෝගය විවාද කිරීමට පාර්ලිමේන්තුව පියවර ගැනීම පිළිබඳව බලවත් කනස්සල්ල පළ කොට තිබේ.
එමෙන්ම දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂකයන්ට ප්‍රචණ්ඩ ක්‍රියාවලට මුහුණදීමට සිදුවීම පිළිබඳවද එක්සත් ජනපදය සිය අවධානය පළ කරයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යෝජනාව සම්මත කිරීමට පාර්ලිමේන්තුව ගත පියවර දැඩිව හෙළා දැක තිබේ.
'ඉතිහාසයේ අඳුරුතම දිනය'
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මේ දෝෂාභියෝගයට දායක වූ සියලු දෙනාම ඊට වගවීමේ තත්ත්වයට පත් කරන මෙන් ලෙස අපි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු"
නීතිඥ එකමුතුව
අද දිනය "ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනය" ලෙසින් විග්‍රහ කරන නීතිඥ එකමුතුව මෙය "ජාතියේ හෘදය සාක්ෂිය පරීක්ෂා කළ" අවස්ථාවක් ලෙසින් ද එය හඳුන්වා දෙයි.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී මේ දෝෂාභියෝගයට දායක වූ සියලු දෙනාම ඊට වගවීමේ තත්ත්වයට පත් කරන මෙන් ලෙස අපි දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු," යනුවෙන්ද නීතිඥ එකමුතුව සිය නිවේදනයේ සඳහන් කරයි.
යෝජනාවට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර, විපක්ෂව ඡන්ද 49 ක් ලැබී තිබුණි. මන්ත්‍රීවරු 20 දෙනකු සභා ගර්භයේ සිටියේ නැත.
ඩිවු ගුණසේකර, තිස්ස විතාරණ, චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂයේ රජීව විජේසිංහ මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටි අතර, දැනට ආණ්ඩුවට සහාය පළ කරන එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී රංගා මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.












