
අග විනිසුරුවරියට එරෙහි චෝදනා නැවත සලකා බලන මෙන් ඉල්ලා සිටීමේ යෝජනා දෙකක්ද ඒකමතිකව සම්මත වී තිබේ
අගවිනිසුරුවරිය නීති විරෝධීව ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ හොත් එම තනතුරට පත්වන නව අග්‍ර විනිශ්චයකාරවරයා වර්ජනය කිරීමේ යෝජනාවකට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනුමැතිය පළ විය.
තුන් දහසකට අධික නීතිඥයන්ගේ සහභාගිත්වයෙන් සෙනසුරාදා කොළඹ දිසා අධිකරණ භූමියේ පැවති නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමකදීයි සංගමය එම ඒකමතික තීන්දුවට එළැඹී තිබෙන්නේ.
ඊට අමතරව අග විනිසුරුවරියට එරෙහි චෝදනා නැවත සලකා බලන මෙන් සහ සාධාරණ ක්‍රියාදාමයක් යටතේ නැවත එම චෝදනා විමර්ශනය කරන ලෙසද ඉල්ලා සිටීමේ යෝජනා දෙකක්ද ඒකමතිකව සම්මත වී තිබේ.
කෙසේ නමුත් අදාළ යෝජනාවලට එරෙහිව කරුණු දැක්වීමට ඉදිරිපත් වූ නීතිඥයන්ට කරුණු දැක්වීම සඳහා සංගමයේ සභාපතිවරයා ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට සංගමයේ උප සභාපතිනි අනෝමා ගුණතිලක එය අසාධාරණ බැවින් තමන් උප සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කළාය.
කෙසේ නමුත් සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදහස් දැක්වීම සඳහා සියලු දෙනාට ප්‍රමාණවත් කාලය ලබා දුන් බවයි.












