
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක තමන්ගේ බැංකු ගිණුම් පිලිබඳ තොරතුරු ඇගේ නීතිඥයන්ගේ මාර්ගයෙන් හෙළිදරව් කොට තිබේ.
ඇගේ නීතිඥ සමාගම වන නීලකාන්දන් සහ නීලකාන්දන් (Neelakandan & Neelakandan) නීතිඥ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාතික සංවර්ධන බැංකුව සමග පමණක් ගනුදෙනු කළ ඇය සක්‍රීය සියලු ගිණුම් පිලිබඳ තොරතුරු හෙළිදරව් කොට ඇතී බවයි.
අගවිනිසුරුවරිය කියා සිටින්නේ දැනට ඕස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘතියේ නියුතු තම සොහොයුරිය සහ ඇගේ ස්වාමියා කොළොඹ නිවසක් මිලදී ගැනීම සඳහා මිලියන 27 ක මුදලක් විකුණුම්කරුවන් වෙත ඕස්ට්‍රේලියානු බැංකුවකින් බැර කළ බවයි.
විවිධ වාර්තාවල පලවූ මිලියන 34 ක ගනුදෙනුවක් කිසිසේත්ම සිදුනොවූ බව නීලකාන්දන් සහ නීලකාන්දන් නීතිඥ සමාගම (Neelakandan & Neelakandan) ප්‍රකාශ කරයි.
අගවිනිසුරු ධුරයට පත් වීමෙන් පසුව තමන්ගේ පවුලේ අයගෙන් සහ වේතනය වශයෙන් ලැබූ මුදල් හැරෙන්නට අන් කිසිම මුදලක් ඇය ලබා නැතී බවත් සමාගම කියා සිටී.
ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් වෙත මෙම නිවේදනය නිකුත් කොට ඇති බවයි නීලකාන්දන් සහ නීලකාන්දන් නීතිඥ සමාගම සංදේශයට ප්‍රකාශ කළේ.












