මැයි 6 මධ්‍යම රාත්‍රියේ සිට යළි හදිසි නීතිය පනවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව මැයි (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව කුමක්ද යන්න වහා ජනතාවට පැහැදිලි කරන ලෙස යි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණය ගනු ලැබුවේ අද (මැයි 06) සවස පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමකින් අනතුරුවයි. පසුගිය අප්‍රේල් 02 වැනිදා ද ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවූ අතර දින දහ හතරක් ඇතුළත දී පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට තිබියදී අප්‍රේල් 05 වැනිදා එය යලි අවලංගු කරන ලදි.
ජනාධිපතිවරයා යළි හදිසි නිතීය පැනවීමට තීරණය කළේ ඇයි?
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කරුණු 03ක් මත හදිසි නීතිය පැනවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.
- රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම.
- මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම.
- මහජන ආරක්ෂාව සඳහා.
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව, 1959 අංක 8 දරණ පනතින් හා ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත 40 වැනි අධිකාරීය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර කොළඹ කැනේඩියානු තානාපතිවරයා ටුවිටර් පනිවිඩයක් තබමින් විමසා සිටියේ. "පසුගිය සති කිහිපයේ ,ශ්‍රී ලංකාව පුරා පැවති පෙළපාලිවලට සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භුක්ති විඳින පුරවැසියන් විශාල වශයෙන් සම්බන්ධ වී ඇති අතර, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෞරවයකි. එසේ නම් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීම අවශ්‍ය වන්නේ මන්දැයි තේරුම් ගැනීමට අපහසුය."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
ජනතාවිමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ "ජනතාවගේ සාධාරණ අරගල මර්දන නීතිවලින් නවතාලිය නොහැකි බව ගෝටාභය රාජපක්ෂ තේරුම්ගත යුතුය." යනුවෙනි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ටුවිටර් පනිවිඩයක් තබමින් සඳහන් කළේ, "බියෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් මිස අන් කිසිවකින් තොරව ඔබ මේ රට අඩපණ කරනවාද? හදිසි නීතිය අර්බුදයට මොනයම් හෝ විසඳුමක් සෙවීමට පටහැනිය. ඉල්ලා අස්වෙන්න"
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
හදිසි නීතිය පැනවීම අවලංගු කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි
2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවදානය යොමුව ඇත.
2022 අප්‍රේල් මස 02 වැනි දින ජනාධිපතිවරයා කෙටි කාලයකට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කළ අවස්ථාවේදී, ශ්‍රී ලංකා නීතිඥ සංගමය කලින් ප‍්‍රකාශ කළ පරිදි, රට තුළ පැවැත්වෙමින් ඇති මහජන විරෝධතා සහ වැඩ වර්ජන ඇතුලු වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කිරීම පිළිතුරක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ සාමකාමී විරෝධතා සහ විසම්මුතිය මැඩපැවැත්වීමට හෝ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිතා නොකළ යුතු බව නැවත නැවතත් අවධාරණය කරන බවයි.
විරෝධතා ප්‍රචණ්ඩ නොවිය යුතු අතර සෑම විටම සාමකාමීව පැවතිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසීය.
රටත් ජනතාවත් මුහුණ දී සිටින බරපතල අර්බුදය සහ රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීමේ හදිසි අවශ්‍යතාවය හඳුනා ගන්නා ලෙස අපි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීමට හේතුව කුමක්ද යන්න වහා ජනතාවට පැහැදිලි කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
හදිසි නීතිය ප්‍රකාශ කිරීමේ ප්‍රකාශය අවලංගු කරන ලෙසත්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස වැනි ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික කරන ලෙසත් එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මහජනතාවගේ පරමාධිපත්‍යයේ අංගයන් රාජ්‍යය හෝ එහි නියෝජිතයන් විසින් ගරු කරනු ලබන සහ ආරක්ෂා කරනු ලබන අතර ඒවා උල්ලංඝනය නොකරණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දුන්නේය.
හදිසි අවස්ථා තත්වය යනු කුමක්ද ?
හදිසි අවස්ථාව යන්න මහජන ආරක්ෂක පනතෙහි විස්තර කෙරෙන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරිමට සාමාන්‍ය තත්ත්වයන් හීදී ලබාදෙනු නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙසම පවතින තත්ත්වයක් ලෙසය.
මෙවැනි තත්ත්වයකදී, ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සහතික කිරිම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත් කිරිම පිණිස ජනාධිපතිවරයාට ඉඩ ලැබේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමේ බලය ලැබෙන්නේ කොහේ සිටද සහ එම තත්ත්වය ප්‍රකාශයට පත්කළ හැක්කේ කවුරුන් හටද?
නිවේදනයක් මඟින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්රකාශයට පත් කිරීමේ තනිකර වූ අභිමතානුසාරී බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු ව පවතී.
එම නිවේදනය පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව කැඳවීම ද කළ යුතුවේ. දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ.
හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම අධිකරණයකදී අභියෝගයට ලක් කළ නොහැකි වේ. ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි සකස් කිරීමට ඇති බලය ඇතුළු මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක බවට පත්වීම හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම මඟින් සිදුවේ. මෙම රෙගුලාසි මඟින් අනෙක් ඕනෑම නීතියක් අක්‍රිය කළ හැකිවන නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අක්‍රීය කිරීමට ඒවාට නොහැකි වේ.
හදිසි අවස්ථා තත්ත්වයක් කොපමණ කාලයක් පැවතිය හැකිද ?
මාසයක කාලයක් වලංගු වන නිවේදනයක් නිකුත්කිරීමට ජනාධිපතිවරයාට හැකිය. ( මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ඔහුට හැකි වන නමුත් ). දින දා හතරක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුවේ. එසේ සිදු නොවුවහොත් නිවේදනය අවලංගු වේ. සෑම දින 30කට වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකිය. නමුත් එසේ කළ හැක්කේ පාර්ලිමේන්තු අනුමැතියෙනි.
පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි හදිසි අවස්ථා රෙගුලාසි වලින් ඇතිවන බලපෑම කුමක්ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන් වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කිරීම් පැනවෙයි.
එම සීමාවන් එමඟින් වැලැක්වීමට බලාපොරොත්තු වන හානියට සමානුපාතික විය යුතු බවට කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් නොපවතී. එහිදී වගකිවයුතු ලෙස ක්‍රියා ක්‍රියා කිරීම සම්පූර්ණයෙන්ම විධායකයේ හොඳ හිත මත පවතින්නකි.
සීමා කරනු ලැබිය හැකි මූලික අයිතිවාසිකම් වනුයේ :
- නිර්දෝෂි බවට වන පූර්ව නිගමනය
- ඔප්පු කිරීමේ භාරය හා ප්‍රතිරෝධනීය දණ්ඩනය
- නීතිය ඉදිරියෙහි සමානාත්මතාවය සහ වෙනස්කම් නොකිරීම
- අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා වන සාමාන්‍ය නෛතික ක්‍රියාවලිය
- අදහස් ප්‍රකාශනයේ, රැස්වීමේ, සමාගම් පැවැත්වීමේ, ගමන් කිරීමේ,රැකියාවේ, ආගමේ සංස්කෘතියේ සහ භාෂාවේ නිදහස කෙරෙහි අදාළ වන මූලික අයිතිවාසිකම්
හදිසි අවස්ථා රෙගුලාසි මඟින් සීමා කළ නොහැක්කේ මොනවාද?
- සිතීමේ සහ සහෘද සාක්ෂිය නිදහස
- වධහිංසා පැමිණවීමෙන් නිදහස
- නිසි බලතල සහිත අධිකරණයක් මඟින් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය (හදිසි අවස්ථා රෙගුලාසි මඟින් පමුණුවනු ලැබිය හැකි නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම හැරුණු විට )
හදිසි අවස්ථා බලතල වලින් ස්වායත්ත ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කොට ගැනීමේ හැකියාව රජය වෙත පවතී. මෙම ත්‍රස්ත විරෝධී බලතල ව්ස්තෘත වන අතර හදිසි අවස්ථා බලතල මෙන් අඛණ්ඩ ලෙස පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගැනීමේ විධිමත් අවශ්‍යතාවයක් ද එම බලතල භාවිතයේදි නොපවතී.
හදිසි අවස්ථාව සාමාන්‍ය පුරවැසියන් හට බලපාන්නේ කෙසේද?
ත්‍රස්තවාදී හෝ කලහකාරී ක්‍රිරියාවන්ට සම්බන්ධ වුවන් හෝ සැකකරුවන් නොවන සාමාන්‍ය පුරවැසියන්ගේ එදිනෙදා ජීවිතය, මෙම හදිසි අවස්ථා රෙගුලාසීන් බල පවත්වන විට දී ඒවායේ බලපෑමට ලක්වන ආකාරයන් ගණනාවක් පවතින් බවට නීති විශාරදයන් පෙන්වා දෙයි.
මාධ්‍යවෙත ඇතිකෙරෙන බලපෑම කුමක් ද?
පුරවැසියන් විසින් ප්‍රකාශයට පත්කළ හැකි දේ පිළිබඳව වන සීමා කිරීම් වලටඅමතරව ප්‍රකාශණයන් පිළිබඳව වන පාලනය මගින් මාධ්‍යය වෙත බලපෑමක් ඇතිවිය හැකිය.











