ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ් රෝග ලක්ෂණ මොනවාද? රෝග ලක්ෂණ ඇත්නම් කළ යුත්තේ කුමක්ද?
වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට COVID-19 ආසාදනය වූ බොහෝ පුද්ගලයන්ට ඇතිවිය හැක්කේ සුළු රෝග ලක්ෂණ පමණි.
සාමාන්‍යයෙන් වාර්තා වන රෝග ලක්ෂණ
• උණ
• ශ්වසන රෝග ලක්ෂණ - කැස්ස/ උගුරේ අමාරුව/ මඳ හුස්ම ගැනීමේ අපහසුව
COVID-19 ආසාදනය වීමෙන් ඇතිවන සුළු රෝග ලක්ෂණ වලට අමතරව ඇති විය හැකි අනෙකුත් රෝග ලක්ෂණ
• සොටු දියර ගැලීම සහ වමනය
• හිසරදය, ගඳ සුවඳ නොදැනීම
• මාංශ පේශී හෝ සන්ධි වේදනාව සහ රස නොදැනීම
• ඔක්කාරය, ආහාර අරුචිය
• පාචනය, තෙහෙට්ටුව
පහත රෝග ලක්ෂණ ඇත්නම් ඔබගේ රෝගී තත්ත්වය අවදානම් මට්ටමකට පැමිණ තිබිය හැක:
එසේ නම් ඔබ රෝහලකදී පරීක්ෂාවකට ලක් කළ යුතුය.
• විවේකීව හෝ සුළු ක්‍රියාකාරකමකදී හුස්ම ගැනීමේ අපහසුව
• දින 3 කට වඩා පවතින උණ
• තොල් හෝ මුහුණ නිල් පැහැවීම
• පපුවේ වේදනාව හෝ බර ගතිය
• අත් පා සුදු මැලි වීම
• කල්පනාව අඩු වීම හෝ ක්ලාන්ත ගතිය
• නොනවතින වමනය හෝ පාචනය
• මුත්‍රා පිටවීම අඩු බව
ඔබ නිවසේ සිටින විට පහත පියවර:
- අවශ්‍ය තරම් විවේක ගන්න. දියර ලීටර් 2 ත් 2.5 ත් අතර ප්‍රමාණයක් බොන්න. පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න.
- උණට පැරසිටමෝල් 1000 mg (උපරිම වශයෙන් පෙති දෙකක් ) පැය 6 කට වරක් ලබා ගන්න.
- දරුවන්ට නම් බර අනුව පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබා දෙන්න.
- දියවැඩියාව, අධි රුධිර පීඩනය හෝ හෘද රෝග ඇත්නම් ඒ සඳහා ලබා ගන්නා ඖෂධ දිනපතා ලබා ගන්න.
- වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇති ඖෂධ ලබා ගන්න.
- ඔබගේ මානසික සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න.
- අන් අයට නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරු භාවිත නොකරන්න.
• දුරකතනය, විද්‍යුත් තැපෑල හා සමාජ මාධ්‍ය හරහා හෝ whatsapp සහ zoom වැනි වීඩියෝ තාක්ෂණ භාවිත කරමින් ආදරණීයන් සමඟ සම්බන්ධතා පවත්වා ගන්න.
• දෛනික චර්යාවන් පවත්වා ගෙන යාම - දිනපතා ස්නානය කිරීම, පිරිසිදු ඇඳුම් ඇදීම, සාමාන්‍ය පරිදි ආහාර ගැනීම, ව්‍යායාම කිරීම (ඔබේ නිවසේ හෝ ගෙවත්ත තුළ).
• අලුත් දේ කිරීමට කාලය භාවිත කරන්න.
• හුදෙකළාව ගත කරන කාලය තුළ ක්‍රියාකාරම් සහ නිර්මාණ කරන්න.
• ආගමික කටයුතු වල නිරත වන්න.
ඔබේ නිවසේ සිටින පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට ඔබ පහත සඳහන් දෑ කළ යුතුය:
• ඔබ නිවසේ අනෙක් පුද්ගලයන්ගෙන් වෙන්ව වාතාශ්‍රය හොඳින් ඇති කාමරයක සිටින්න.
• ඔබට හැකිනම් අන් අය භාවිත නොකරන නාන කාමරයක් භාවිත කරන්න.
• හැකිතාක් නිවස තුළ හවුලේ ඇති ඉඩ වලින් වලකින්න. නිවස තුළ ඔබ මොබ යාමේදී මුඛ ආවරණ පළඳින්න.
• අන් අය ඔබේ නිවසට හා කාමරයට නොපැමිණෙන බවට සහතික වන්න.
• ඔබේ දෑත් නිතරම හොඳින් සෝදන්න. අවම වශයෙන් තත්පර 20 ක්වත් සබන් යොදා පිරිසිදු වතුරෙන් ඔබේ අත් සෝදන්න.
• ඔබ මුහුණු ආවරණ පැළඳ සිටින විට එය ස්පර්ශ නොකරන්න. මුහුණු ආවරණ තෙත් වූ විට එය වහාම ඉවත් කර පිරිසිදු වියළි මුහුණු ආවරණ පළඳින්න.
• නිවසේ සිටින අනෙක් පුද්ගලයින් මුඛ සහ නාසය ආවරණ වන පරිදි මුඛ ආවරණ පැළඳිය යුතුය.
• නිතර ස්පර්ශ වන මතුපිට පිරිසිදු කර විෂබීජ හරණය සිදු කළ යුතු අතර වෙනම පිඟන් කෝප්ප තුවා ඇඳ ඇතිරිලි භාවිත කළ යුතුය.
• ඔබව රැක බලා ගන්නන් විසින් හවුලේ පාවිච්චි කරන මතුපිට විෂබීජ හරණය සිදු කළ යුතු අතර (දොරවල්, වැසිකිළි ජල කරාම, සින්ක් වැනි) ඕනෑම මතුපිටක් විෂබීජ හරණය කළ යුතුය.
• නිවසේ සිටින සෑම කෙනෙක්ම කැස්ස කිවිසුම් යෑමේදී වැලමිටෙන් මුඛය ආවරණ කළ යුතුය.