X-PRESS PEARL: ශ්‍රී ලංකා මුහුදේ දින 13 ක් ගිනිගත් අනතුරුදායක රසායනික ද්‍රව්‍ය රැගත් නෞකාව ගැන දන්නේ මොනවාද?

සිංගප්පූරුවේ ලියාපදිංචි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය අසල මුහුදේ ගිලීමට පෙර සති දෙකකට ආසන්න කාලයක් ගිනි ගනිමින් දියබත් වීම නිසා පරිසර පද්ධතියට අන්තරායකර ද්‍රව්‍ය මුදා හැරීම මගින් පෘථිවියට සැලකිය යුතු හානියක් සිදු වන අතර, මෙය වෙරළබඩ ප්‍රදේශවල ජනගහනයේ ජීවිත හා ජීවනෝපායන්ට තර්ජනයක් ඇති කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි පැවසීය.
ඇය වැඩිදුරත් කියාසිටියේ රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම මගින් ඇති වූ ව්‍යසන තත්ත්වය ඇගයීම සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවය.
එම විශේෂඥයන්, සිදුවී ඇති හානිය තක්සේරු කිරීම සහ අනාගතයේ දී එවැනි ආපදා වැළැක්වීම සහතික කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරනු ඇත.
ප්ලැනට් ලැබ්ස් ඉන්කෝපරේෂන් හි නවතම චන්ද්‍රිකා ඡායාරූප නෞකාව ශ්‍රී ලංකාවේ මිගමු කළපුවට බටහිර දෙසින් මුහුදුබත් වී ඇති බව පෙන්නුම් කරයි.

මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වන දින ගින්න හටගෙන ඇත.
නෞකාවේ බහාලුම් 1,486 න් සමහරක් ගිනිගෙන දැවී විනාශ වී ඇති අතර බොහොමයක් මුහුදට වැටී ඇත.
X-PRESS PEARL නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 81ක් තිබිණි. ඉන් මුහුදට එකතු වී වෙරළට ගසා ගෙන ආ අපද්‍රව්‍ය, වැලි සමග ටොන් දහසක් පමණ මේ වනවිට එකතු කර තිබේ. ඒ අතර තිබූ කුඩා ප්ලාස්ටික් කොටස්, මිය ගිය මසුන්ගේ කරමල් සහ ශරීරය තුළ තිබිය දී සොයා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කටාර් හි හමාඩ් හි සිට යාත්‍රා කර ඉන්දියාවේ හසිරා වරායට ගොස් එතැනින් කොළඹ වරාය දෙසට ගමන් ආරම්භ කර ඇති අතර එය කොළඹ වරායට මෙයට පෙර දෙවරක් පැමිණ ඇත.

ජුනි 17 වන දින එය දින 13 ක් ගිනිගැනීමෙන් පසු මුහුදේ ගිලී ගියේය. මෙම ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර රජය පවසන්නේ සිදුවූ අලාභය වෙනුවෙන් වන්දි ඉල්ලා සිටින බවය.
තවත් තොරතුරු ;
- මුහුදු ජීවින් මිය යෑම, ඇමතිගේ 'වාරකන් කතාව' සහ විශේෂඥ මතය
- එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා ඇප මත නිදහස් කිරීමට හේතුවූයේ කුමක්ද ?
- X-PRESS PEARL නෞකාව නිසා ඇතිවිය හැකි පරිසර දුෂණය කෙතරම් ද?
- X-PRESS PEARL නෞකාවේ විෂ අපද්‍රව්‍ය ලංකාව තුළම විනාශ කිරීමේ සුදානමක්
- X-PRESS PEARL නෞකාව දෙකඩ වුවහොත් "සමුද්‍ර දූෂණයක අවදානමක්"

















