සාගර දුෂණය: මියගිය තල්මසෙකු සහ කැස්බෑවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසයි

වීඩියෝ ශීර්ෂ වැකිය, සාගර දුෂණය ; මියගිය තල්මසෙකු සහ කැස්බෑවන් තිදෙනෙක් වෙරළට ගොඩ ගසයි

X-PRESS PEARL නෞකාවේ අනතුරෙන් පසු මියගිය මුහුදු ජීවින් ශ්‍රී ලංකා වෙරළට ගොඩ ගැසීමේ කැපීපෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බව පරිසරවේදීහු පවසති.

කළුතර සිට මොරටුව දක්වා වෙරළට අද දිනයේ කැස්බෑවන් තිදෙනෙකු ගොඩගසා තිබේ. එමෙන්ම මියගිය තල්මසෙකු යාපනය, කයිට්ස් වෙරලට ගොඩගසා ඇත.

සතුන් මියයෑමට නිවැරදි හේතුව, විද්‍යාත්මකව හඳුනාගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මියගිය සතුන්ගේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යනු ලැබුවා.

X-PRESS PEARL නෞකාවේ අනතුරෙන් පසු මියගිය කැස්බෑවන්, ඩොල්ෆින් ඇතුළු මුහුදු ජීවීන් 40කගේ පමණ සිරුරු ශ්‍රී ලංකා වෙරළට ගොඩගසා ඇති බවට තොරතුරු දැනගන්නට ඇතැයි සමස්ත ලංකා වනජීවී අඩවි ආරක්ෂක නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් ලියනගම බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර :