ශ්‍රී ලංකාව: 'සීමා යටතේ' පැවැත්වෙන 2021 වෙසක් මංගල්‍යය

කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් සහ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා වෙසක් සැමරුම් දක්නට ඇත්තේ සීමිත ප්‍රමාණයකි.

බොහෝ පුද්ගලයන් සිය නිවස තුළ හෝ ඒ ආසන්නයේ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි. මේ අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වෙසක් කූඩු තරග, ශීල සමාදාන වැඩසටහන් සහ ධර්ම සාකච්ඡා පැවැත්වීමට විවිධ සංවිධාන ක්‍රියා කර ඇත.