විදේශ මුදල් හුවමාරුවක් යනු කුමක්ද?

අගමැති මහින්ද බංගලාදේශ අගමැතිනිය සමග

ඡායාරූප මූලාශ්‍රය, prothomalo.com

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාව මේ දිනවල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී ඇති පසුබිමක එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විවිධ උපක්‍රම අත්හදා බලමින් සිටින බව නොරහසකි.

ආනයන තහනම් කිරීම හරහා රටෙන් බැහැරට විදේශ විනිමය ගලායාම නැවැත්වීම හා විවිධ මාර්ගවලින් ණය ලබාගැනීම ද ඊට අයත් වේ. එහෙත් පවතින ගෝලීය අර්බුදය හමුවේ විදේශ ණය වෙළෙඳපොළෙන් ණය ලබාගැනීම අවාසි සගත බැවින් විවිධ රටවල් සමග විදේශ මුදල් හුවමාරු සදහා එළැඹීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග මෙවැනි මුල්‍ය ගනුදෙනුවකට යාම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මත පළවිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

විදේශ මුදල් හුවමාරුවක් යනු කුමක්ද?

මුදල් හුවමාරුවක් (currency swap), යම් යම් සුළු වෙනස්කම් තිබුණද එෆ්එක්ස් (FX swap) නැතහොත් විදේශ මුදල් හුවමාරුවක් ලෙසද හැඳින්වේ, එය විදේශීය පාර්ශව දෙකක් අතර විදේශ මුදල් හුවමාරු කිරීමේ ගිවිසුමකි.

ගිවිසුමට අනුව දෙපාර්ශවය එකඟ වන මුදල් ඒකකයකින් ණය මුදලක් සඳහා වන මූලික මුදල නැතහොත් ප්‍රාග්ධනය ලබා ගැනේ. ඒ අනුව එකඟවන ඉදිරි දිනකදී අදාළ ණය මුදල සහ පොලිය ගෙවීම සඳහා වෙනත් මුදල් ඒකකයකින් තැන්පත් කෙරේ. ඒ අනුව එක් පාර්ශ්වයක් දෙවන පාර්ශවයකින් එකඟ වූ මුදල් ඒකකයකින් ණයට ගන්නා අතර එය එම අවස්ථාවේම එම ණය දුන් පාර්ශවයට තවත් මුදල් ඒකකයකින් ණයක් ලෙස ලබා දෙයි.

විදේශ මුදල් හුවමාරුවකදී පාර්ශව දෙකක් එකිනෙකා සමඟ සමාන මුදල් ප්‍රමාණයක් හුවමාරු කර ගන්නා නමුත් විවිධ මුදල් ඒකක වලින් කරන ගනුදෙනුවකි. පාර්ශවයන් මූලික වශයෙන් එකිනෙකාට ණය ලබා දෙන අතර නියමිත දිනට හා විනිමය අනුපාතයට එම මුදල් ආපසු එම මූලික මුදල් ඒකක වලින්ම ගෙවනු ලබයි.

දෙරටේ අගමැතිවරුන්

ඡායාරූප මූලාශ්‍රය, PM Media

විදේශ මුදල් හුවමාරුවක අරමුණු

  • විදේශ විනිමය සංචිත වර්ධනය කරගත හැකිවීම
  • විනිමය අනුපාත අවදානමට නිරාවරණය වීම අවම කිරීම
  • මුදලේ දිශානතිය අනුමාන කිරීම හෝ විදේශ මුදල්වලින් ණයට ගැනීමේ පිරිවැය අඩු කිරීම.
  • මුදල් හුවමාරුවක් හරහා විදේශ මුල්‍ය වෙළෙඳපොළෙන් ලබාගන්නා ණය මුදලකට වඩා වාසිදායක පොලී අනුපාත යටතේ විදේශ මුදල්වලින් ලාභදායී ණයක් ලබා ගැනීමට හැකි වීම
  • විනිමය අනුපාතවල අපේක්ෂිත උච්ඡාවචනයන්ට නිරාවරණය වීම අඩු කිරීම සඳහා සමහර ආයතන හෝ රටවල් මුදල් හුවමාරු භාවිත කරයි.

විදේශ මුදල් හුවමාරුවලට සම්බන්ධ පාර්ශව සාමාන්‍යයෙන් රජයන් හෝ මූල්‍ය ආයතන වන අතර ඒවා තනිවම හෝ මූල්‍යමය නොවන සංස්ථාවක් වෙනුවෙන් වෙළෙඳාම් කරයි. ජාත්‍යන්තර බේරුම්කරණ බැංකුවට අනුව, මුදල් හුවමාරුව සහ විදේශ මුදලින් (FX) ඉදිරි දිනකදී කෙරෙන කටයුතුවලදී ගෝලීය මුදල් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු වලින් වැඩි ප්‍රමාණයක් සඳහා දායක වේ.

ලෝක බැංකුව ප්‍රථම වරට මුදල් හුවමාරුව හඳුන්වා දුන්නේ 1981 දී ජර්මානු ඩොයිෂ් මාක් මුදල් සහ ස්විස් ෆ්‍රෑන්ක් ලබා ගැනීමේ උත්සාහයක් වශයෙනි. අවුරුදු 10 ක් තරම් කල් පිරෙන ණය සහිත ණය මත මෙම ආකාරයේ හුවමාරුවක් කළ හැකිය.

දෙරටේ අගමැතිවරුන්

ඡායාරූප මූලාශ්‍රය, PM Media

2008 වර්ෂයේ ඇතිවූ ගෝලීය මූල්‍ය අර්බුදය අතරතුර, ඇමරිකාවේ ෆෙඩරල් සංචිතය ද්‍රවශීලතා ගැටලුවලට මුහුණ දෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකට ණය ලබා ගැනීමේ අරමුණු සඳහා විදේශ මුදල් හුවමාරුවට ඉඩ දුන්නේය.

මුදල් හුවමාරුවේ ප්‍රධාන වර්ග

මුදල් හුවමාරුවේ ප්‍රධාන වර්ග දෙකක් තිබේ. එනම් ස්ථාවර-ස්ථාවර මුදල් හුවමාරුව සහ පාවෙන ස්ථාවර හුවමාරුව.

ස්ථාවර-ස්ථාවර මුදල් හුවමාරුව යනු ස්ථාවර පොලී ගෙවීම් එක් මුදලකින් ස්ථාවර පොලී ගෙවීම් සඳහා හුවමාරු කිරීමයි.

පාවෙන ස්ථාවර හුවමාරුවේදී, එක් මුදලක ස්ථාවර පොලී ගෙවීම් තවත් මුදලක පාවෙන පොලී ගෙවීම් සඳහා හුවමාරු වේ. දෙවෙනි වර්ගයේ හුවමාරුවේදී, පාදක වූ ණය මුදලේ මූලික මුදල හුවමාරු නොවේ.

බංග්ලාදේශයෙන් ලබාගත් විදේශ මුදල් හුවමාරුව මොකක්ද?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල් සමඟ බංග්ලාදේශයේ යෙදුනු නිල සංචාරය අතරතුරදී දෙරට අතර විදේශ මුදල් හුවමාරුව පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ අතර පසුගිය මාසයේදී බංග්ලාදේශ මාධ්‍ය වාර්තාකර තිබුණේ එරට මහ බැංකුව එම විදේශ මුදල් හුවමාරුවට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් බවය.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ අමාත්‍ය නිවාඩ් කබ්රාල්

ඡායාරූප මූලාශ්‍රය, PM Media

"විදේශ විනිමය සංචිතයක් පවත්වා ගැනීමට අරගල කරන රටක් වන ශ්‍රී ලංකාව සමඟ ඩොලර් මිලියන 200 ක මුදල් හුවමාරු යෝජනාවක් බංග්ලාදේශ මහ බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර තිබේ," යනුවෙන් ඩකා ට්‍රිබියුන් පුවත්පත පැවසීය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ දිනවල කතාබහට ලක්ව ඇති බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකා රජය ලබාගැනීමට බලාපොරොත්තු වන ඇමරිකානු ඩොලර් මිලියන 200ක විදේශ මුදල් හුවමාරුවේදී බංග්ලාදේශය ඇමරිකානු ඩොලර් මිලියන් 200ක් ශ්‍රී ලංකා රජයට ලබාදෙයි. ඒ වෙනුවට ශ්‍රී ලංකා රජය එකඟ වූ විදේශ මුදල් හුවමාරු අගයකට (මෙම අවස්ථාවේදී ඇමරිකානු ඩොලරයට රුපියල් 199.90ක්) එම ඩොලර් මිලියන 200 ට සමාන රුපියල් ප්‍රමාණයක් එම මුදල ලබාගන්නා අවස්ථාවේදීම ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ හෝ වෙනත් එකඟ වන පෞද්ගලික බැංකුවක බංග්ලාදේශයේ නමින් තැන්පත් කරයි.

යළි ගෙවීමට එකඟවන කාලයට (මෙහිදී මාස තුනකින් හෝ මාස හයකින්) බොහෝ විට භාණ්ඩාගාර බිල්පතක් හෝ භාණ්ඩාගාර බැදුම්කරයක පොලිය ගෙවීමට එකඟ වේ. ප්‍රාග්ධනය ගෙවීමේදී ලන්ඩන් අන්තර් බැංකු පිරිනමන අනුපාතයකට (LIBOR +) එකතු කරන ප්‍රමාණයකට අදාළ පොලියක් (මෙහිදී LIBOR +2% හෝ 2.5%) සමග එම මුදල ඩොලර් වලින් ගෙවීමට එකඟ වෙයි.

දෙරටේ අගමැතිවරුන්

ඡායාරූප මූලාශ්‍රය, PM Media

මෙහිදී ශ්‍රී ලංකාවට එකවර ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ලැබෙන අතර ඒ වෙනුවෙන් බංග්ලාදේශයේ නමින් රුපියල් ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ හෝ පෞද්ගලික බැංකුවක තැන්පත් කෙරෙනු ඇත. එම ඩොලර් මිලියන 200 ඉදිරියේදී එකඟ වන දිනකදී නැවත රුපියල් වලට අදාළ පොලිය හා ඩොලර් මිලියන 200 ට අදාළ ලන්ඩන් අන්තර් බැංකු පිරිනමන අනුපාතයකට (LIBOR +) එකතු කරන ප්‍රමණයකට අදාළ පොලියත් සමග ගෙවීම කළ යුතු වේ.

මෙහිදී බංග්ලාදේශයට වාසි සහගත බවට ඇතැම් විදේශ විනිමය විශේෂඥයන්ගේ මතය වේ.

ශ්‍රී ලංකාව පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් නොමැතිවීම හේතුවෙන් ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400ක විදේශ මුදල් හුවමාරුව පසුගිය පෙබරවාරි මාසයේදී පියවීමට සිදුවිය. ඒ සමගම රජයට විදේශ මුදල් අර්බුදයෙන් මිදීමට වෙනත් රටක සහය පැතීමට සිදුවීමෙන් චීනය හා බංග්ලාදේශය සමග විදේශ මුදල් හුවමාරුවට යොමු වූ බව විශේෂඥයෝ පෙන්වා දෙති.

පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව වසර තුනකට යුවාන් බිලියන 10 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණ) විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් චීනය සමඟ අත්සන් කළ බවට මහ බැංකුව පැවසීය.