ශ්‍රී ලංකාවේ මානව හිමිකම්: "යළිත් වරක් 'පැරණි අඳුරු යුගයට' පා තැබීම වැළැක්වීම පිණිස හැකි සියලු දේ කරන්න"

ඡායාරූප මූලාශ්‍රය, Amnesty international
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සහ නීතියේ ආධිපත්‍යය "බිඳ වැටීම" ගිය සතිය තුළ, දෙස්, විදෙස් අවධානයට ලක්විය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඬුවම් නියම වෙද්දී, මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මන්ත්‍රීවරයාට එරෙහි චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලවල ප්‍රබල අවධානයට ලක් වී තිබුණි.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම 'පිල්ලෙයාන්' මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව විය.
2005 නත්තල් දින නත්තල් දේව මෙහෙයකට සහභාගි වෙමින් සිටියදී පරරාජසිංහම් හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවෙන් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා ඇතුළු චුදිතයන් පස් දෙනාම නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන විනිසුරුවන් සහ නීතිවේදීන්ගෙන් සමන්විත ICJ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම, යුද සමයේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත්වීම දැඩිව හෙලා දැක තිබිණ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
එම වෙඩි ප්‍රහාරයේදී ජෝසප් පරරාජසිංහම් ගේ බිරිඳ ඇතුළු අට දෙනෙකු තුවාල ලැබූහ.
චුදිතයන්ට එරෙහි චෝදනා ඉල්ලා අස්කර ගන්නේ මන්දැයි නීතිපතිවරයා හෙළි කර නොමැති බව පෙන්වාදෙන ICJ (International Commission of Jurists) සංවිධානය, වසර පහකට පසුව චෝදනා ඉල්ලා අස්කර ගැනීම හඳුන්වන්නේ ප්‍රහාරයේ වින්දිතයන්ට එල්ලකරන ලද බරපතල පහරක් ලෙසිනි.
'පිල්ලෙයාන්' නිදොස්කොට නිදහස්කරන ලද්දේ, මේ ආකාරයටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය පිළිබඳ චෝදනා ලබා සිටි නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු චුදිතයන් පස් දෙනා සිංහල පමණක් කතාකරන ජූරි සභාවක් විසින් නිදහස් කරනු ලැබීමෙන් වසර කිහිපයකට පසුව බවත් නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සිහිපත් කරයි.
ඇම්නස්ටි ජාත්‍යන්තරය
ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, "ඓතිහාසික අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට දිගින් දිගටම දණ්ඩ මුක්තිය හිමි නොවිය යුතු," බවය.
"වගවීමෙන් තොරව, ශ්‍රී ලංකාවට කිසි දිනෙක මේ අඳුරු පරිච්ඡේදයේ පිටුව පෙරලීමට නොහැකිවනු ඇති," බවද ඇම්නස්ටි ජාත්‍යන්තරයේ මහ ලේකම්වරයාගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ග්‍රිෆිත්ස් පැවසීය.
ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධ විමර්ශන යළි ආරම්භ කරන ලෙස ද නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම සහ ඇම්නස්ටි ජාත්‍යන්තරය (Amnesty International) නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, facebook
අතීත අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමෙහිලා දේශීය යාන්ත්‍රණ දිගින් දිගටම අපොහොසත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ "දණ්ඩ මුක්ති චක්‍රය නිමා කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගෙනයාම පිණිස ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු" බව ද ඇම්නස්ටි ජාත්‍යන්තරය සඳහන් කරයි.
යුද අපරාධ චෝදනා
මේ අතර සිය වාර්ෂික වාර්තාව නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය බරපතල ලෙසින් බිඳ වැටුණු බවය.
ආණ්ඩුව විවේචනය කරන බව සැලකෙන නීතිවේදීන්, මාධ්‍යවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන් සහ වින්දිතයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් කරනු ලබන බිය වැද්දීම් සහ ඔත්තු බැලීම් උත්සන්න වූ බව පවසන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ වාර්තාව, මුස්ලිම් සහ දෙමළ සුළු ජාතීන්ට ද නොසලකා හැරීම් සහ තර්ජනවලට මුහුණ දීමට සිදු වූ බව පෙන්වා දෙයි.
රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මතකර ගනු ලැබූ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින්, අධිකරණයේ ස්වාධීනත්වය යටපත් කෙරුණ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැනි ආයතන දුර්වල කෙරුණ බව එම සංවිධානයේ (Human Rights Watch) ස්ථාවරය වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මෙන්ම ඔහු විසින් ජ්‍යෙෂ්ට තනතුරුවලට පත්කරන ලද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ ආරක්ෂක හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ශවේන්ද්‍ර ද සිල්වාට එරෙහිවත් යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන බවත් 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය සිහිපත් කරයි.
වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ, කෝවිඩ්19 වසංගතය සමයේ මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ සමාජ මාධ්‍ය ජාල ප්‍රචාර වැළැක්වීමට පියවර නොගත් ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන් නොනැවතී, "මහජන සෞඛ්‍ය සඳහා අවශ්‍ය නොවුවද" කොරෝනාවෛරසය වැළඳී මියයන මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවය.
මේ වසරේ පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වෙන සැසියේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අවධානයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"ශ්‍රී ලංකාව යළිත් වරක් 'පැරණි අඳුරු යුගයට' පා තැබීම වැළැක්වීම පිණිස ඒ ගැන අවධානය දක්වන රටවල් තමන්ට හැකි සියල්ල කළ යුතුය," යනුවෙන් පවසන 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ දකුණු ආසියානු කටයුතු භාර අධ්‍යක්ෂිකා මීනක්‍ෂි ගංගුලි අවධාරණය කරන්නේ, ''වගවීම සහතික කරන මෙන් ශ්‍රී ලංකාවට බලකෙරෙන එක්සත් ජාතීන්ගේ යෝජනාවක් සම්මත කිරීම පිණිස අදාළ රටවල් කටයුතු කළ යුතු'' බවය.
හිජාස් හිස්බුල්ලාටත් කොරෝනා

ඡායාරූප මූලාශ්‍රය, Twitter
පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ වීමේ චෝදනා මත පසුගිය වසරේ අප්‍රේල් 14 වෙනි දින සිට පොලිස් අත්අඩංගුවේ පසුවන මානව හිමිකම් නීතිවේදී හිජාස් හිස්බුල්ලා ජනවාරි 08 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
එහෙත් නීතිවේදී හිජාස් හිස්බුල්ලාට කෝවිඩ්19 රෝගය වැළඳී ඇති බැවින් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බව එදින පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
ඔහු තවත් දින 90 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනවාරි 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
ත්‍රස්ත විරෝධී නීතිය යටතේ වසර ගණනාවක් සැකකරුවන් රඳවා තබා ගැනීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ද කරුණු දක්වා තිබිණ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
හිජාස් හිස්බුල්ලාගේ පවුලේ සාමාජිකයින් පවසන පරිදි, ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා පොලිසිය හැසිරුණු ආකාරය මගින් බරපතල සැක සංකා ගණනාවක් මතු කෙරේ.
පවුලේ සාමාජිකයින් විසින් අධිකරණයේ ගොනු කරන ලද හේබියස් කෝපුස් පෙත්සම් සහ ඉන් අනතුරුව නිකුත් කරන ලද ඉහත දැක්වෙන නිවේදනයට අනුව, පොලිසිය මෙන්ම බොහෝ ජනමාධ්‍ය ද හැසිරෙන ආකාරය පිළිබඳ පහත දැක්වෙන කරුණු අවධානයට ලක් කර තිබේ.
- ඔහු අත්ඩංගුවට ගැනීම පිණිස පොලිසිය පැමිණීමට පෙර ලැබුණු දුරකතන ඇමතුමක සඳහන් වූයේ නිරෝධායන කටයුත්තක් සලකා බැලීම පිණිස සෞඛ්‍ය බලධාරීන් නිවසට පැමිණෙන බවකි.
- නිලධාරීන් නිවසට පැමිණි වහාම ඔහුට මාංචු දමා ප්‍රකාශයක් සටහන් කරගත්හ.
- අත්ඩංගුවට ගත් අවස්ථාවේ සිට මෙතෙක් ඔහු අධිකරණයක් වෙත ඉදිරිපත් කොට නැත.
- ඔහුට සිය නීතිවේදියා හමුවීමට අවසර ලැබුණේ අවස්ථා දෙකකදී පමණි. ඒ, විමර්ශන නිලධාරියෙකු ඉදිරිපස දී විනාඩි 10 ක පමණ කාලයකටය. එහිදී ඔහුට තමන්ට එරෙහි චෝදනා ගැන අදහස් දැක්වීමට අවසර නොලැබුණි.
- ඔහු මද්රාසා පාසලක විදුහල්පති බවටත්, පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු වූ සහ්රාන් හෂීම් එහි පැමිණ දේශන පැවැත්වූ බවටත් හදිසියේම මාධ්‍ය වාර්තා පළවිය. එම පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කරන ලද බව පැවසෙන රහසිගත ප්‍රකාශයක් ද මාධ්‍ය වාර්තාවලට ඇතුළත් විය.
- අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පවසන පවුලේ සාමාජිකයෝ, එසේ රහසිගත ප්‍රකාශයක් කළේ නම් එය මාධ්‍ය වෙත ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කරති.
- පොලිසිය තමන්ගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බවට මද්රාසා පාසලේ සිසුන් දෙදෙනකුගේ දෙමාපියන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ලේඛක අහ්නෆ් ජසීම්
මේ අතර, දෙමළ භාෂාවෙන් පළ කළ සිය කවි පොතකින් "අන්තවාදී අදහස් ප්‍රචාරය කළ" බවට චෝදනා කරමින් පසුගිය වසරේ මැයි මාසයේ සිට අහ්නෆ් ජසීම් (Ahnaf Jazeem) නම් කවියා ත්‍රස්ත විරෝධී නීතිය යටතේ රඳවාගෙන සිටින බව මෑතදී අනාවරණය විය.
මන්නාරම ප්‍රදේශයේ වාසය කළ විසි පස් හැවිරිදි අහ්නෆ් ජසීම් කවියා මාස ගණනාවක් එසේ අත්අඩංගුවේ රඳවා ගැනීම පසුගියදා කවියන්ගේ, විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සහ මානව හිමිකම ක්‍රියාධරයන්ගේ දැඩි හෙලා දැකීමට ලක් වූ බව මාධ්‍ය වාර්තා කළේය.
තරුණ කවියෙකු එසේ රඳවා ගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අදහස් පළ වී තිබිණ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 3
ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් සමාජ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන්නේ, ප්‍රබල ගෞරවයට පාත්‍ර වූ දෙමළ භාෂාව සම්බන්ධ බුද්ධිමතෙකු වන මහාචාර්ය එම් ඒ නුහුමාන්, අහ්නාෆ් ජසීම් කවියාගේ කවි කියවා ඒ සම්බන්ධයෙන් සිය මතය පළ කොට තිබෙන බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 4
මානව දයාව, ආගමික සදාචාරය, ප්‍රේමය සහ සාමකාමී දිවි පෙවෙත සම්බන්ධ ඔහුගේ කවි නිර්මාණ, "අන්තවාදය ප්‍රවර්ධනය කරන්නේ කොහොමද," යනුවෙන් මහාචාර්ය නුහුමාන් ප්‍රශ්න කරන බවද ලේඛක නාලක ගුණවර්ධන පවසයි.
හරීන් ප්‍රනාන්දු
සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද පසුගිය සතියේ මහත් ආන්දෝලනයට ලක්විය.
ජනාධිපතිවරයා එහිදී තමන්ට "මරණ තර්ජන එල්ල කළ" බව පවසමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ද යොමු කොට තිබිණ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 5
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හෙලා දුටු අතර, එයට එරෙහිව විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු කොළඹ දී උද්ඝෝෂණයක ද නිරත වූහ.
යාපන විශ්වවිද්‍යාලය
යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය පුද්ගලයන් අනුස්මරණය වෙනුවෙන් 2018 වසරේදී යාපනය විශ්වවිද්‍යාල භුමියේ ඉදිකරන ලද මුල්ලිවෛක්කාල් අනුස්මරණ ස්මාරකය පසුගිය සිකුරාදා රාත්‍රියේ දී කඩා දමනු ලැබීම ද දෙස්, විදෙස් අවධානයට ලක්විය.
ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ දූත මණ්ඩලය ඒ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ට කෙරෙන සැලකීම සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ඉහළ පෙළේ රැස්වීමක් පැවැත්වීමට යුරෝපා සංගමය සූදානම් බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 6
උපකුලපතිවරයා දුන් නියෝගයකට අනුව එම ස්මාරකය කඩා දැමූ බව මාධ්‍ය වාර්තාකර තිබිණ.
උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා විශ්වවිද්‍යාල භූමියේ, එම ස්ථානයේම නැවත මුල්ලිවයික්කාල් අනුස්මරණය ඉදිකර දීමට පොරොන්දු දී ඒ සඳහා මුල්ගල තැබීමත් සමඟ දින දෙක තුළ පැවති ව්‍යාකූලතාව අවසන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය උපවාසය සඳුදා (ජනවාරි 11) අත්හරින ලදි.












