ශ්‍රී ලංකාවේ යුද්ධයට නායකත්වය දුන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද? හමුදාපති සරත් ෆොන්සේකා ද?

Colombo, SRI LANKA: Sri Lankan Defence Ministry Secretary Gotabaya Rajapakse (L) is hugged by elder brother Sri Lankan President Mahinda Rajapakse (C) in Colombo, 01 December 2006, after narrowly escaping assassination in a suicide bomb attack in the Sri Lankan capital. A suspected Tamil suicide bomber attacked a defence ministry convoy carrying the president's brother, killing at least one soldier, police said. Gotabaye Rajapakse, secretary to the defence ministry and brother of President Mahinda Rajapakse, was unhurt after the blast in the heart of the Sri Lankan capital.

ඡායාරූප මූලාශ්‍රය, AFP/ Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ (2006 දෙසැම්බර් 01)

පසුගිය සෙනසුරාදා අම්පාරේ පැවති උත්සවයක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.

විශේෂයෙන්ම තමන්ට 'චරිත දෙකක්' තිබෙන බවටත් ජනාධිපති ගෝඨාභය වෙනුවට ආරක්ෂක ලේකම් ගෝඨාභය "ටිකක් සැරෙන් ඉන්න කියලා" ඇතැම් භික්ෂූන් වහන්සේ ඉල්ලා සිටින බැවින් "ඒකත් කරන්න පුළුවන්," යනුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කළ ප්‍රකාශය දෙස්, විදෙස් හෙලා දැකීමට ලක්වෙමින් පවතී.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අගය කරමින් ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළ වී තිබිණ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

'මරණ තර්ජනයක්'

විශේෂයෙන්ම ජනාධිපතිවරයා සිය ප්‍රකාශය තමන්ට මරණ තර්ජනයක් එල්ල කළ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර තිබුණේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් වෙත ද එහි පිටපතක් සහිතවය.

"ඇත්ත වශයෙන්ම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වී හරියටම වසර 12 කට පසු ජනාධිපතිවරයා මා වෙත තර්ජනාංගුලිය දිගු කිරීම විමතියට කරුණකි," ලෙස සිය පැමිණිල්ලේ සඳහන් කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, "ත්‍රස්තවාදියෙකු මෙන් ඝාතනය කරනු ඇතැයි බියෙන් තොරව මා කැමති දේ පැවසීම මගේ මූලික අයිතියයි," යනුවෙන් ද පොලිස්පතිවරයාට පෙන්වා දී තිබේ.

"පොලිස්පතිතුමනි, ඔබ ශ්‍රී ලංකා ජනරජයේ පොලිස්පතිවරයා මිස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞද්ගලික සේවකයා නොවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිතය හා නිදහස ආරක්ෂා කිරීම මම ඔබෙන් ඉල්ලා සිටින පෞද්ගලික අනුග්‍රහයක් නොව, ඔබ දිවුරුම් දී ඇති ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඔබට ඇති වගකීම සහ යුතුකමයි," බව ද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු කථානායක කරු ජයසූරිය සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දැඩිව හෙලා දැක තිබිණ.

විපක්ෂනායකවරයා පවසන්නේ, මහජන නියෝජිතයකු වශයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළදී කළ කතාවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තර්ජනාත්මකව සිදුකළ ප්‍රකාශය "ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක්" බවය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් "රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති," බව පවසන හිටපු කතානායක කරු ජයසූරිය, ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වය හා ජීවිත තර්ජන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අනුමත නොකරන බව ද පෙන්වා දී තිබේ.

Coronavirus Sri Lanka

කියවන්න:

Coronavirus Sri Lanka

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසා තිබුණේ සමගි ජන බලවේගය තුළ පවතින ගැටලු හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් ඔහුට ආරක්ෂාව ලබාදීම යෝග්‍ය යයි තමන් ද විශ්වාස කරන බවය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ, "අන්තිමට ඒ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්නවලට හරීන් මැදිහත්වුනොත් ඕකත් ජනාධිපතිතුමාගේ පිට දමයි. ඒ නිසා අපිත් පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මහත්මයාට උපරිම ආරක්ෂාව දෙන්න," යනුවෙනි.

කෙසේ වෙතත්, යහපාලන ආණ්ඩුව මෙන් තමන් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවට ජනාධිපතිවරයා අම්පාර ප්‍රදේශයේ දී කළ ප්‍රකාශය හෝ තේරුම් ගැනීමට නොහැකි නම් හරීන් ප්‍රනාන්දු දේශපාලනයට නුසුදුසු යයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබුණි.

"ජනාධිපතිතුමාගෙ ප්‍රකාශය තුළ ගැබ්වෙලා තියෙන්නෙ රටට ශාපය වුණේ හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මිසක් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ කණ්ඩායම නෙවෙයි කියන කාරණාව," රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේනසිංහ පැවසීය.

යුද්ධය දිනුවේ කවුද?

ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ දී සඳහන් කළ තවත් කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය පළවෙමින් තිබේ.

"මතකනේ පිත්තල හන්දියේ දී කොටි නායකයා මට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා යුද්ධය පටන් ගත්තේ. මම යුද්ධය අවසන් කළේ ඒ බෝම්බ ගහපු කොටි නායකයා බල්ලෙක් වගේ හතර ගාතේ දාලා උස්සලා ගෙනල්ලා දාලා," ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

තමන් "යුද්ධය අවසන් කළ," බව ජනාධිපතිවරයා අම්පාරේ දී කියා සිටි නමුත් ජනාධිපතිවරණය අවස්ථාවේ මාධ්‍ය හමුවක දී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විනා තමන් නොවන බවය.

"ඔබට වැරදිලා මම හිතන්නේ, මම හමුදාවට නායකත්වය දුන්නේ නෑ," යනුවෙන් ඔහු සිනහසෙමින් එහිදී සඳහන් කළේ The Hindu පුවත්පතේ වාර්තාකාරිය, මීරා ශ්‍රීනිවාසන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

"හමුදාවට නායකත්වය දුන්නේ හමුදාපතිවරයා," ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති තනතුර හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය.

යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයේ අවසාන භාගයේ යුද හමුදාපති තනතුර හෙබැවූයේ ජනරාල් සරත් ෆොන්සේකා ය

යුද්ධය ආරම්භ වූයේ කෙලෙසද?

එමෙන්ම රාජපක්ෂ පාලනය සමයේ "යුද්ධය පටන් ගත්තේ" තමන්ට එරෙහිව එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව බවත් ජනාධිපතිවරයා අම්පාරේ දී පැවසීය.

එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පිත්තල හන්දියේ දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ 2006 දෙසැම්බර් මස 01 වෙනි දිනය.

ඉන් මාස කිහිපයකට ප්‍රථම, 2006 අප්‍රේල් 25 වෙනි දින එවක හමුදාපති පදවිය දැරූ ජනරාල් සරත් ෆොන්සේකා ඉලක්ක කරමින් යුද හමුදා මූලස්ථානයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය. එහිදී ඔහුට බරපතල තුවාල සිදු වූ අතර, ඔහුගේ ආරක්ෂකයන් පස් දෙනෙකු මරුමුවට පත්විය.

එයට ප්‍රතිචාර දක්වමින් එදිනම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව එල්ටීටීඊ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළ නමුත් සටන් විරාමයට තවදුරටත් කැප වී සිටින බව ආණ්ඩුව ඒ අවස්ථාවේ ද සඳහන් කළේය.

කෙසේ වුවත් එල්ටීටීඊ ය විසින් මාවිල් ආරු ප්‍රදේශයේ ජල සම්පාදනය කපා දමනු ලැබීම හේතුවෙන් 2006 ජුලි 26 වෙනි දින ආණ්ඩුව එම ප්‍රදේශයේ එල්ටීටීඊ කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟම එතෙක් දෙපාර්ශවය අතර පැවති සටන් විරාමය ද නිල වශයෙන් නිමාවට පත්විය.

ඒ අනුව ඊලාම් යුද්ධයේ සිව් වැනි අදියර (Eelam War IV) ආරම්භ වූයේ ජනාධිපතිවරයා පවසන පරිදි 2006 දෙසැම්බර් 01 වෙනි දින නොව 2006 ජුලි 26 වෙනි දින බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තවත් ලිපි: