යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකයට මොකද වෙන්නේ?

යුද්ධයෙන් මියගියවුවන් සමරන ස්මාරකය

ඡායාරූප මූලාශ්‍රය, Twitter-Tamil Guardian

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල

උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි පසුගිය දින දෙක තුළ පැවති ව්‍යාකූලතාව අවසන් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ පැවති ශිෂ්‍ය උපවාසය සඳුදා (ජනවාරි 11) අත්හරිනු ලැබුවේ, උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා විශ්වවිද්‍යාල භූමියේ, එම ස්ථානයේම නැවත මුල්ලිවයික්කාල් අනුස්මරණය ඉදිකර දීමට පොරොන්දු දී ඒ සඳහා මුල්ගල තැබීමත් සමඟය.

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති එස් ශ්‍රීසද්ගුණරාජා බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ සියල්ල ඉතාමත් කෙටි කාලයකින් නිරාකරණය කරගැනීමට හැකිවීම ගැන ඉතාමත් සතුටු වන අතරම පුදුමයට ද පත්වන බවය.

"එය කඩා දැමීම නොවේ; අනවසර දෙය අවසරලත් දෙයක් වීමයි උනේ. මෙය මෙතෙක් කවුරුන් විසින් ඉදිකරන ලද්දක්ද යන්න සඳහන් වී තිබුණේ නැහැ. මෙයට හිමිකාරිත්වයක් තිබුණෙත් නෑ. විවිධ පුද්ගලයන් එය විවිධ නම්වලින් හැඳින්වුවා. ඒත් දැන් එය නීත්‍යානුකුලව, විශ්වවිද්‍යාල අධිකාරියේ නිසි අනුමැතිය ඇතිව ඉදි වූ සාම ස්මාරකයක්. මරණ අනුස්මරණය කිරීම පිළිබඳ සමස්ත ප්‍රජාවගේ සහ මුළු ලෝකයේම හැඟීම් ආරක්ෂා කිරීමක්," යනුවෙන් උප කුලපති එස් සද්ගුණරාජා පැවසීය.

යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය පුද්ගලයන් අනුස්මරණය වෙනුවෙන් 2018 වසරේදී යාපනය විශ්වවිද්‍යාල භුමියේ ඉදිකරන ලද මුල්ලිවෛක්කාල් අනුස්මරණ ස්මාරකය පසුගිය සිකුරාදා රාත්‍රියේ දී කඩා දමනු ලැබුවේ උපකුලපතිවරයා දුන් නියෝගයකට අනුව බවට මාධ්‍ය වාර්තා කර තිබිණ.

මෙම ස්මාරකය කඩා දැමීමත් සමගම ශිෂ්‍යයන් විසින් විශ්වවිද්‍යාල භූමියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර. සිවිල් ක්‍රියාකාරීන් හා දේශපාලකයන් ද මෙම ශිෂ්‍ය විරෝධතාවයට සහය පළකළහ. ඒ අතරම එයට විරෝධය පෑම පිණිස උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි හර්තාල ව්‍යාපාරයක් ද පැවැත්වීමට තීරණය කෙරිණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2

End of X post, 2

මෙම ස්මාරකය කඩා දැමීම පිළිබඳව දෙස් විදෙස් සමාජ ක්‍රියාකාරිකයන් සහ දේශපාලකයන්ගේ විරෝධය නැගිණි.

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, වර්තමානයේ දී අවශ්‍ය වන්නේ යුද්ධයේ ස්මාරක නොව සාමයේ ස්මාරක බවයි.

"යාපනය විශ්වවිද්‍යාලයේ 2018 ආසන්න වසරකදී යුද්ධය පාදක කර ගෙන එම විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් විසින් යම්කිසි ස්මාරකයක් ඒ තුළ ගොඩනඟන්න උත්සාහ කළා. ඒත් එක්කම ඒ ස්මාරකය කලින් කලට දියුණු කරමින් ආපු බවත් තමයි දැනගන්නට තියෙන්නේ. නමුත් ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් සමගියට උතුර සහ දකුණ අතර බාධාවක් වෙන්න පුළුවන්," යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"දැනට විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපනය හදාරන දරුවෝ යුද්ධය අවසාන කරන අවධියේ දී වයස අවුරුදු 9, 10 සහ 11 යන වගේ කාලයක හිටිය අපේ දරුවෝ. දමිළ, සිංහල හෝ මුස්ලිම් කුමන ජාතියකට හෝ ආගමකට අයත් වුවත් ශ්‍රී ලාංකික අපේ දරුවෝ. අපිට තියෙන වැදගත්ම දේ තමයි මේ දරුවෝ අතරේ මේ ප්‍රශ්නේ නෑ. අපිට ඉස්සර තිබිච්ච ඒ අත්දැකීම් ඉදිරියේ දී දකින්න නොලැබෙයි කියන එක අපිට තියෙන එකම සාධකය තමයි මේ දරුවෝ අතරේ තියෙන සමගිය, සමාදානය. ඔවුන් ඉන්නේ, සාමාන්‍ය පොදු නේවාසිකාගාරවල. ඔවුන් සහභාගි වන්නේ පොදු දේශන සඳහා. ඔවුන්ගේ ක්‍රීඩා කටයුතු වැනි මේ සියල්ලක්ම සිදුවන්නේ පොදුවේ. මේ දක්වා කිසිදු ගැටලුවක් මේ විශ්වවිද්‍යාලවල සිදු නොවීමට දරුවන්ම වගබලාගෙන තිබීම සම්බන්ධව අපි රටක් ජාතියක් වශයෙන් ඇත්තෙන්ම වාසනාවන්තයි."

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග තවදුරටත් පැවසුවේ, "යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා තීරණයක් අරගෙන මෙම ස්මාරකය සිකුරාදා රාත්‍රියේ දී යාපනය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීම ඉතාමත් කාලෝචිතයි," යනුවෙනි.

"අපිට අවශ්‍ය වන්නේ සාමයේ ස්මාරක. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය කටයුතු අපේ දරුවොත් එක්ක සිද්ධ කරන්නට ඕනේ."

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරමින් ඇතැම් සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ, ඒ තර්කය අනුව රටේ පිහිටුවා ඇති අනෙකුත් යුද ස්මාරක ද ඉවත් කළ යුතු බවය.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

"කඩා බිඳ දැමීම ගැන මට දොස් පැවරුණා," යනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති එස් සද්ගුණරාජා බීබීසී සිංහල සේවය සමඟ පැවසිය.

ඔහු පැවසුවේ, වරින් වර විවිධ ආයතන හා පුද්ගලයන් තමන්ගෙන් මේ බව ඉතාමත් රහසිගතව විමසීම් සිදුකළ අතර, මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසට එම ආයතන තමන් වෙත නිතරම දැනුම් දුන් බවයි.

"මේ නිල නොවන ස්මාරකය තබාගැනීමෙන් මට සිදුවන්නේ දිගින් දිගටම බුද්ධි විමසීම් හා ආරක්ෂක විමසුම් සඳහා වරින් වර පිළිතුරු දීමට. එසේ කිරීමට මට නොහැකියි. එය කාලය නාස්තිවීමක්. වෘත්තිකයෙකු ලෙස, මේ සියලු හැඟීම් එයට සම්බන්ධ වී ඇති බව දුටු පසු, එය නිල ස්මාරකයක් බවට පත් කිරීම නිසා එය වඩා හොඳ ආකාරයකින් අවසන් කිරීමට මම සිතුවා. දෙවියන්ගේ අනුග්‍රහයෙන් මෙම නාට්‍යය ඒ ආකාරයෙන් සිදුවී මේ ආකාරයෙන් අවසන් වුණා," ඔහු පැවසීය.

කියවන්න: