ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන 'අර්බුදයක්'
අගෝස්තු පස්වෙනිදා පැවැති මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර අන් සියළුම පක්ෂ තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කරගැනීම පිළිබඳව විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සිය පක්ෂයට අදාළ ජාතික ලැයිස්තුවේ නම් 17ක් මැතිවරණ කොමිෂන් සභාවට මේ වන විට යවා තිබෙන නමුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවේ නම සඳහන් ආචාර්ය සුරේන් රාඝවන් කැනඩාව හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකු බව පවසමින් අලුත්ගම ඉන්ද්‍රරත්න හිමිනම මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට තේරී පත්විය නොහැකිය.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 07ක්ද, ඉලංකෛයි තමිල් අරුසු කච්චු පක්ෂයට 01ක් ද, ජාතික ජන බලවේගයට 01ක්ද, අහිල ඉලංකෛයි තමිල් කොංග්‍රස්ප ක්ෂයට 01ක්ද, අපේ ජන බල පක්ෂයට 01ක්ද, එක්සත් ජාතික පක්ෂයට 01ක් ද හිමි වී තිබේ.
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07 සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක හා ඩයනා ගමගේ ගේ නම් සාකච්ඡා වීමත් සමඟම සමගි ජන බලවේගයෙන් තරඟ කළ කුඩා පක්ෂ විරෝධය පා, තම පක්ෂ සමග ඇතිකරගත් එකඟතාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබාදිය යුතු බව ප්‍රකාශකිරීමත් සමගම එම පක්ෂයේ ජාතික ලැයිස්තුව අවසන් කීරීමේ ගැටළුවක් මතුවී ඇති බව පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ
බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ගේ අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු ආසනය සදහා කවුරුන් පත්කරන්නේ දැයි යන්න සම්බන්ධයෙන් ද අර්බුදයක් මතු වී තිබේ.
පවතින නීතිමය තත්වය යටතේ ඥාණසාර හිමියන් පත්කිරීම මගින් නීතිමය ගැටළු ඇතිවිය හැකි බැවින් එය නිරාකරණය කරන තුරු තමන් එම අසුනට පත්කරන බවට අපේ ජන බල පක්ෂයේ ලේකම් හිමියන් කොමිසමට දන්වා ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහෙත් පක්ෂයේ සභාපති සමන් පෙරේරා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඡන්දය වෙනුවෙන් පත් කළ තාවකාලික ලේකම්තුමා තනතුරෙන් ඉවත්කළ අතර, ඥාණසාර හිමියන් මන්ත්‍රී තනතුරට පත්කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බවය.
ඉලංකෛයි තමිල් අරුසු කච්චු පක්ෂය, ජාතික ජන බලවේගය, අහිල ඉලංකෛයි තමිල් කොංග්‍රස්ප ක්ෂය, අපේ ජන බල පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තවමත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි තත්වයකින් පසුවන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, පාර්ලිමේන්තුව 20 වැනිදා රැස් වන බැවින් එදිනට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කරන බවය.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම පිළිබඳව විමසීම පිණිස මැතිවරණ කොමිසම ඇමතීමට බීබීසී සිංහල සේවය ගත් උත්සහයන් සාර්ථක නොවීය.
මේ ගැනත් කියවන්න: