ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක සහ ඔහුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

Airbus fraud

ඡායාරූප මූලාශ්‍රය, AirBus/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරුණු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඇප ඉල්ලා සිටියද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් එය ප්‍රතික්ෂේප කරන ලදුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබුණේ, ඔවුන් දෙදෙනා බ්‍රහස්පතින්දා (පෙබ: 06) පෙරවරුවේ සිය නීතිඥයෙකු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය එහිදී කියා සිටියේය.

කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් රංග දිසනායක වරෙන්තුවක් නිකුත් කළේ, පසුගිය සඳුදා (පෙබ: 03) දිනයේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් සමාගමේ යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඔස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා විශුද්ධිකරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව එලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබිණි.

මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබිණි.

කපිල චන්ද්‍රසේන සහ බිරිඳට එරහිව ඇති චෝදනා මොනවාද?

කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 14363/19 අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙතෙක් සිදුකළ විමර්ශනවලින් සනාථ වී ඇති කරුණු:

  • Biz Solutions නැමැති සමාගම ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය නමින් ලියාපදිංචි වී ඇති අතර ඇය එම සමාගමේ එකම අධ්‍යක්ෂිකාවය.
  • මෙම සමාගම පවත්වාගෙන ගිය ගිණුමට 2013.12.27 වෙනි දින ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් EADS HQ/ SSC France නැමැති ප්‍රංශ සමාගමක් විසින් ඒවා ඇති අතර, කපිල චන්ද්‍රසේන එම මුදල ඔස්ට්‍රේලියාවේ Commonwealth Bank හි පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබිණි.
  • Biz Solutions සමාගමට අයත් ගිණුම 2015.11.25 වෙනි දින වසා දමා ඇති අතර, ඒ වන විට එහි කිසිදු මුදලක් තිබී නොමැත.
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රංශයේ Airbus SAS සමාගම සමග A330-900 වර්ගයේ ගුවන් යානා හතරක් සහ A330-300 වර්ගයේ ගුවන් යානා හයක් මිලදී ගැනීමට 2013.05.16 වෙනි දින අවබෝධතා ගිවිසුමකට එළඹී ඇත.
  • ඉහත සඳහන් EADS HQ/ SSC France නැමැති සමාගම Air Bus SAS සමාගමේ මව් සමාගම වේ.
  • කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස 2011.08.01 වෙනි දින පත් කර ඇති අතර, 2015 ජනවාරි මස දක්වා එම තනතුරේ කටයුතු කර ඇත.
Airbus fraud

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉහත දැක්වෙන කරුණුවලින් පහත සඳහන් කරුණු අනාවරණය වේ:

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස රාජකාරි කළ කපිල චන්ද්‍රසේන වෙත EADS HQ/ SSC France yana Air Bus SAS සමාගමේ මව් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඔහුගේ බිරිඳවන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයගේ ඉහත දැක්වූ ගිණුම හරහා අල්ලස් හෝ තුටු පඬුරු වශයෙන් ගෙවා ඇති බව.
  • එම මුදල බාර ගැනීම සිදු කර ඇත්තේ සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ Biz Solutions නමින් ප්‍රියංකා නියෝමාලි විජේනායක පවත්වාගෙන ගිය ගිණුමෙන් බව.
  • ඉන් අනතුරුව ප්‍රියංකා නියෝමාලි විජේනායක සිය සැමියා වන කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියානු Commonwealth Bank ගිණුමට එම මුදල් කොටස් වශයෙන් යැවීමෙන් මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු වී ඇති බව,
  • කපිල චන්ද්‍රසේන මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කර ඇති බව පෙනී යන අතර, ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය එයට ආධාර අනුබල දී ඇති බව පෙනී යයි. තවද , මෙම දෙදෙනා ඉහත කී මුදල් විශුද්ධිකරණය කිරීමේ වරද සිදු කිරීමට දැනට පැමිණිල්ල නොදත් තවත් පුද්ගලයන් සහ සමාගම් සමග කුමන්ත්‍රණය කර ඇති බවද පෙනී යයි.
Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of YouTube post

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ධූරයෙන් නෙරපා හැර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව දේශපාලන අර්බුදය සමයේ කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා නැවත පත් කරන ලදී.

මේ තොරතුරුද කියවන්න: