ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: මරණයට පත් සංඛ්‍යාව සියය ඉක්මවයි
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පාස්කු ඉරිදා උදෑසන (අප්‍රේල් 21) දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක සිදුවූ පිපිරීම්වලින් අවම වශයෙන් එකසිය තිස් හත් දෙනෙකුවත් මරණයට පත්ව ඇත.
ඉරිදා උදෑසන කොළඹ, මීගමුව හා මඩකලපුවේ ස්ථාන කිහිපයකින් පිපිරීම් වාර්තා විය.
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය හා මීගමුව කටුවපිටියේ පිහිටි දේවස්ථානයක මෙන්ම මඩකලපුවේ දේවස්ථානයක ද පිපිරීම් සිදුවී තිබේ.
මීට අමතර කොළඹ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටලවලද පිපිරීම් සිදුවී ඇතැයි වාර්තා වේ.
මේ සිදුවීම්වලදී පුද්ගලයින් ගණනාවක් මිගොස් ඇති අතර තවත් රැසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
තොරතුරු බලාපොරොත්තුවන්න.