ඉන්දියා - පාකිස්තාන උණුසුම: ශ්‍රී ලංකා - පාකිස්තාන ගුවන් ගමන් අත්හිටුවයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානය බලා පියාසර කරවීමට නියමිතව තිබූ ගුවන් ගමන් තාවකාලිකව අවලංගු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බ්‍රහස්පතින්දා (පෙබරවාරි 28) ශ්‍රී ලංකාවේ සිට කරච්චි සහ ලාහෝර් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කළ බවය.
අදාළ නගරවලට ගුවන් යානාවල ආසන වෙන් කරවා ගත් මගීන්ට වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසෙන ලෙස එම සමාගම ඉල්ලා සිටී.
"මගීන්ගේ ආරක්ෂාව අතිශය වැදගත් කොට සලකන හෙයින්" මෙම පියවර ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි
ජාත්‍යන්තර ගුවන් ගමන්වලට වූ බලපෑම්
පාකිස්තානය සිය සමස්ත ගුවන් කලාපයම නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව එරට සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මේ අතර ඉන්දියාවෙන් ලැබෙන වාර්තාවලින් දැක්වෙන්නේ උතුරු ඉන්දියාවේ ගුවන්තොටුපොළ නවයක් වසා ඇති බවකි.
ජාත්‍යන්තර ගුවන් යානා, අර්බුදය පවතින ප්‍රදේශය මග හැර යන බව ගුවන්ගමන් නිරීක්ෂණ කණ්ඩායමක් වන Flight Radar පැවසීය. ඇතැම් ගුවන් යානා ඒවා පිටත් වූ ස්ථාන කරා ආපසු යන අතර අනෙකුත් ගුවන් යානා විකල්ප මාර්ග භාවිත කරන බව එම කණ්ඩායම පවසයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
කාශ්මීර අර්බුදය ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය
ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීර පාලන ප්‍රදේශය ආශ්‍රිතව ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ, "ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යමානවීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට තිර සහයෝගය ලබා දෙන" බවය.
දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් පීඩාවට පත් රටක් වශයෙන් ශ්‍රී ලංකාව පුල්වමාහිදී සිදු වූ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා පැහැදිලි ලෙස හෙළා දුටු බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
"ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ තිරශ්චීන ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි" යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
"දකුණු ආසියා කලාපයේ සාමයට හා ස්ථාවරබවටත්, ද්විපාර්ශ්වික ගැටලු සංවාදය හා විශ්වාසය ගොඩනැංවීම මගින් විසඳීම ඇතුළු නොසන්සුන්කාරීබව සමනය කරන සියලු ප්‍රයත්නවලටත්" ශ්‍රී ලංකාව සහයෝගය පළ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය දෙපාර්ශවයෙන් ම ඉල්ලා සිටින්නේ, මෙම සන්දර්භය තුළ, සමස්ත කලාපයේ ම ආරක්ෂාව, සාමය හා ස්ථාවරබව සහතික වන ආකාරයකින් කටයුතු කරන ලෙසය.
මේ තොරතුරු ද දැනගන්න :








