ඉන්දියා - පාකිස්තාන උණුසුම: පාකිස්තානය 'ඉන්දීය ගුවන් යානා දෙකක් බිම හෙළයි'

බිම හෙලන ලද ඉන්දීය ගුවන් යානයක යැයි පාකිස්තානය පැවසු සුන්බුන් අසල සිටින පාකිස්තාන සෙබළුන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බිම හෙලන ලද ඉන්දීය ගුවන් යානයක යැයි පාකිස්තානය පැවසු සුන්බුන් අසල සිටින පාකිස්තාන සෙබළුන්
කියවීමේ කාලය: මිනිත්තු 2

කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට වෙඩි ප්‍රහාර එල්ල කර බිම හෙළූ බවත් පසුව ගුවන් නියමුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් පාකිස්තානය පවසයි.

'MiG21' වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් අහිමි වී ඇති බව පිළිගෙන ඇති ඉන්දියාව ගුවන් නියමුවෙකු අතුරුදහන් වී ඇති බව කියා සිටී. එම ගුවන් නියමුවා අල්ලා ගනු ලැබ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් ඉන්දියාව සඳහන් කරයි.

පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් අසිෆ් ඝෆූර් ප්‍රකාශ කළේ, එක් ගුවන් යානයක් පාකිස්තාන පාලන ප්‍රදේශයට කඩා වැටුණු අතර අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයට කඩා වැටුණු බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

පාකිස්තානයේ සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ඉන්දියාව අඟහරුවාදා (පෙබරවාරි 26) ගුවන් ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ, ඉන්දියාවට අයත් කාශ්මීර් ප්‍රදේශයේදී ඉන්දීය සන්නද්ධ පොලිස් භට පිරිසකට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර වශයෙනි.

පෙබරවාරි 14 වන දා පොලිස් භට පිරිසකට එල්ල වූ ප්‍රහාරයෙන් සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

පාකිස්තානය 'ඉන්දීය ජෙට් යානා දෙකක් බිම හෙළයි'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, බුද්ගම් ප්‍රදේශයේ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය අසළ රැකවලේ යෙදෙන ඉන්දීය භටයින්

මේ අතර, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය බදාදා (පෙබරවාරි 27) පැවසුවේ, පාකිස්තාන සහ ඉන්දීය පාලන සීමා හරහා පාකිස්තානය ද ගුවන් ප්‍රහාර එල්ල කළ බවය.

පාකිස්තානය සඳහන් කළේ, සිවිල් වැසියන් බේරා හමුදාමය නොවන ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කළ බවය.

මේ අතර, පාකිස්තාන ජෙට් යානා ආපසු හරවා යැවූ බවත් එක් යානයක් බිම හෙඵෑ බවත් ඉන්දීය බලධාරීහු පැවසූහ. නමුත් එය පකිස්තානය ප්‍රතික්ෂේප කළේය.

BBC

මේ අතර අල්ලා ගත් ඉන්දීය ගුවන් නියමුවෙකුගේ යැයි පැවසෙන වීඩියෝවක් පාකිස්තාන රජය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

අල්ලා ගත් බව පැවසෙන ගුවන් නියමුවෙක්

ඡායාරූප මූලාශ්‍රය, PAKISTAN INFORMATION MINISTRY

ඡායාරූප ශීර්ෂ වැකිය, අල්ලා ගත් බව පැවසෙන ගුවන් නියමුවෙක්

එම වීඩියෝවේ, මුහුණේ රුධිරය සහිත ඇස් ආවරණය කර ඇති එම ගුවන් නියමුවා තමා ගුවන් කොමදෝරු අභිනන්දන් වර්ධමාන් ලෙස හඳුන්වා තිබේ.

මෙම වීඩියෝව ස්වාධීනව තහවුරු කිරීමට බීබීසී ට නොහැක.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඉන්දියාව මෙම වීඩියෝව ගැන කෙළින්ම ප්‍රතිචාර නොදැක්වුවද තම ගුවන් නියමුවන් සියලු දෙනා සිටින බව පැවසීය.

මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන කාශ්මීර් ප්‍රදේශය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අයිතිවාසිකම් කියන අතර මේ වන විට ඔවුහු එම කලාපය කොටස් වශයෙන් පාලනය කරමින් සිටිති. 1947 වසරේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු දෙරට අතර යුද්ධ තුනක් සහ එක් සුළු ගැටුමක් ඇති වී තිබේ.