මන්නාරම සමූහ මිනීවල: "තවමත් කාල නිර්ණයක් කර නැහැ"

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලේ තිබී පුද්ගල සිරුරු තිස් නවයකට අයත් අස්ථි කොටස් බ්‍රහස්පතින්දා (2018 ජුලි 12) දින වනවිට හමුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පවසයි.
පැරණි සතොස ගොඩනැගිල්ල කඩාදැමීමෙන් අනතුරුව, එම ස්ථානයෙන් ඉවත් කළ පස් ගොඩක තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් පසුගිය මාර්තු 26 වෙනිදා හමුවිය.
ඒ සම්බන්ධයෙන් පොලීසිය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මන්නාරම මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ එහි ප්‍රධාන විමර්ශන නිලධාරියා වශයෙන් කටයුතු කරයි.
හමුවූ සිරුරු 39 අතරින් විසි හයකට අදාළ අස්ථි කොටස් ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවූ බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

"අපි කැණීම් කටයුතු ආරම්භ කළේ 2018 මැයි 28 වෙනිදා. අපි නොකඩවා කැණීම් සිදුකරනවා. අද අප එය පුළුල් කළා," යනුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.
මෙම කැනීම් කටයුතුවල දෙවෙනි පියවර ලෙස, මුලින් කැනීම් කළ කොටස අවට ප්‍රදේශයේද කැනීම් කිරීම බ්‍රහස්පතින්දා (ජුලි 12) ආරම්භ කළ අතර බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මතුපිට පස් ස්ථරය ඉවත්කරන බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
"ඇත්තටම අපි මෙය කරන්නෙ කොටස් දෙකකට. පළවෙනි අවස්ථාව වෝහාරික සහ පුරාවිද්‍යා ක්‍රමවේද අනුව කැණීම් කෙරෙනවා. දෙවෙනි අවස්ථාවේ විශ්ලේෂණ කටයුතු සිදුවෙනවා."
පළමු අවස්ථාවේ කැණීම් කෙරෙන විට, යම් ආකාරයක විශ්ලේෂණයක් සිදුවන නමුත් එය පූර්ණ විශ්ලේෂණයක් නොවන බවත්, ඒ අනුව පිරිමි සහ ගැහැණු වශයෙනුත් ළමා සහ වැඩිහිටි වශයෙනුත් වර්ග කිරීමක් මෙහිදී සිදුවන බව වෛද්‍ය රාජපක්ෂ බීබීසී සිංහල සේවයට පැවසීය.

පුරාවිද්‍යා, රජයේ රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ මේවන විට දින 31 ක් කැනීම් කර තිබේ.
හමුවූ ඇට සැකිළි සම්බන්ධයෙන් මෙතෙක් කාල නීර්ණයක් කර නොමැති බව කැණීම් කටයුතු සඳහා සම්බන්ධවී සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.

"ඇට සැකිළිවලින් නෙවෙයි ඒ සමග ඇති වෙනත් ද්‍රව්‍යවල කාල නිර්ණය කිරීම මගින් යම් අදහසකට එළඹෙන්න පුළුවන්"
"ඇට සැකිළිවල කාල නිර්ණය එතරම් පහසු දෙයක් නෙවෙයි. පොළවේ තියෙන රසායනික තත්ත්වය අනුව ඒවායේ දිරායාම, දුර්වර්ණ වීම වෙනස්වීම්වලට ලක්වෙනවා. ඒ නිසා කාලයක් යෝජනා කරන්න නම් තවත් සාක්ෂි ගණනාවක් පෙළගස්වලා කළයුතු වෙනවා," මහාචාර්ය සෝමදේව බීබීසී සිංහල සේවයට පැවසීය.
හමුවූ මිනිස් ඇට සැකිළිවලින් කොටසක්, ක්‍රමාණුකූලව වලදමන ලද බව පෙනෙන්නට ඇතිමුත් තවත් කොටසක අක්‍රමවත් බවක් පෙනෙන්නට ඇති බව මහාචාර්යවරයාගේ අදහස ය.

මෙම කැණීම් කටයුතු නිමා කෙරෙන කාලය පිලිබඳ අදහසක් නොමැති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පැවසීය.
සබැඳි පුවත්:









