ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැබිනට් සංශෝධනය; "දැඩි වෙනස" කෝ?
තවත් අමාත්‍යාංශවල විෂය පථයන් ඉදිරි කාලය තුළ ප්‍රතිසංවිධානයකට ලක් කරමින් වඩාත් සුදුසු ආයතන යටතට පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා විසින් එම ප්‍රකාශය සිදු කරන ලද්දේ අද (පෙබරවාරි 25) සිදු කරන ලද කැබිනට් සංශෝධනයෙන් අනතුරුවයි.
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පුළුල් කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙනු ඇතැයි දේශපාලන ලෝකයේ විශාල කතාබහක් පැතිර යමින් තිබුණත් අද (පෙබරවාරි 25) සිදු කෙරුණ කැබිනට් සංශෝධනය අමාත්‍යාංශ කීපයකට පමණක් සීමා විය.
නීතිය සහ සාමය භාර ඇමති පදවිය අගමැති රනිල් වික්‍රම සිංහ වෙත පැවරීම මෙවර කැබිනට් සංශෝධනයේ දී සිදු කෙරුණ එකම සැලකිය යුතු වෙනස වෙයි.
කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන කැබිනට් ඇමතිවරුන් විසින් පාලනය කරන ලද අමාත්‍යාංශ දෙක ඔවුන් දෙදෙනා අතර හුවමාරු කිරීමක් පමණක් සිදු කොට ඇත.
ඒ අනුව කබීර් හෂීම් ඇමතිවරයාට උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශයත් කිරිඇල්ල ඇමතිවරයාට රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයත් පවරා ඇත.
නීතිය සහ සාමය භාර ඇමති වරයාව සිටි සාගල රත්නායක තරුණ කටයුතු සහ දක්ෂිණ ලංකා සංවර්ධන ඇමතිවරයා ලෙස අද දිව්රුම් දුන්නේය.
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාට විදුලි සංදේශ ,ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ වගකීම් හැරුණ විට විදේශ රැකියා ඇමති පදවියත් පවරා ඇත.
තිරසාර සංවර්ධන සහ වනජීවී කටයුතු භාර නව ඇමතිවරයා ලෙස රවීන්ද්‍ර සමරවීර දිව්රුම් දුන්නේය.
නව රාජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකුත් අද නව පදවිවල දිවුරුම් දී ඇත.
ඒ අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වන අතර, අජිත් පී පෙරේරා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ,මත් ද්‍රව්‍ය නිවාරණ සහ ප්‍රජා විශෝධන රාජ්‍ය ඇමැතිවරයා වෙයි.
තරුණ කටයුතු සහ දක්ෂිණ ලංකා සංවර්ධන රාජ්‍ය ඇමති පදවිය පියසේන ගමගේ වෙත පැවරෙයි.
නව කැබිනට් සංශෝධනය යටතේ නව නියෝජ්‍ය ඇමැතිවරයකුත් දිව්රුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වෙයි.
අද කැබිනට් සංශෝධනයේ දී නව රාජ්‍ය ඇමති පදවියක් හිමි වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන එකම ඇමතිවරයා පියසේන ගමගේ විය.
එම සන්ධානය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ සංශෝධනය ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ජනාධිපතිවරයා පවසයි.
සබැඳි පුවත්;