බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා

එඩ්වඩ් කුමරු

ඡායාරූප මූලාශ්‍රය, MILLIE PILKINGTON

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත්, එඩ්වඩ් කුමරු, ලබන පෙබරවාරි 04 වෙනි දින පැවැත්වීමට නියමිත නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වීමට නියමිතය.

ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 70 වෙනි නිදහස් දින උත්සවය වෙනුවෙන් ජනවාරි 31 වෙනි දින දිවයිනට ලඟා වන එඩ්වඩ් කුමරු පෙබරවාරි 05 වෙනි දින පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් බවට පත් වූ අතර, 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන තුරුම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ ද පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන එලිසබෙත් රැජිනය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, එලිසබෙත් රැජින නියෝජනය කරමින් 1998 දී පැවති 50 වෙනි නිදහස් උත්සවයට සහභාගි විය.

සබැඳි යොමු: