ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගිංතොට තත්ත්වය: පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි
ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් කිහිපයකට සෙනසුරාදා (නොවැ 18) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ.
දෙපිරිසක් අතර බ්‍රහස්පතින්දා සිට පැවති ආරවුලක්, මතුව ඇති නොසන්සුන් තත්ත්වයට හේතු වී ඇතැයි වාර්තා විය.
මීට අදාළව පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ තත්ත්වය පාලනය කර ඇති බවය.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200 සහ විශේෂ කාර්ය සාධක බලකයේ සාමාජිකයන් 100 යොදවා ඇති බව ද පොලිසිය පවසයි.