හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

වැලිකඩ සිර ගෙදර
ඡායාරූප ශීර්ෂ වැකිය, වැලිකඩ සිර ගෙදර

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය එසේ නියෝග කළේ එම සැකකරුවන් නීතිඥයන් මාර්ගයෙන් අද (නොවැ 13) අධිකරණයට භාරවීමෙන් අනතුරුවය.

හෝටල් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මහජන මුදල් අවභාවිත කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස මීට ඉහත දී ඔවුන්ට කැඳවීමක් කර තිබිණි.

සමාන පුවත්: