ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විද්‍යා ඝාතනය: වරදකරුවන් හත් දෙනෙකුට මරණ දඬුවම
යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනයේ වරදකරුවන් වූ සුවුස් කුමාර් ඇතුළු චූදිතයන් හත් දෙනෙකුට මරණ දඬුවම් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කළේය.
අදාළ තීන්දුව ලබා දෙනු ලැබුවේ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනි.
ඉහත කී විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර්, සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් විය.
මේ අතර විද්‍යා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන සුවිස් කුමාර් නමැත්තාට රැකවරණය දීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල විය.
එම චෝදනා යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහරිනු ලැබීය.
සබැඳි යොමු: