ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාව තීරණාත්මක ක්‍රිකට් තරඟයට මුහුණ දෙයි
චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක ගැටුම දැන් ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවට මේ තරඟය තීරණාත්මක වන්නේ මෙම තරඟාවලිය තුළ රැඳී සිටීමට අද (ජූනි 08) තරඟ ජයග්‍රහණය අනිවාර්ය කොන්දේසියක් බවට පත්ව ඇති හෙයිනි.
අද තරඟය ආරම්භ කිරීමට පෙර කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ලද අතර ඔවුන් විසින් තෝරා ගන්නා ලද්දේ පළමුව පන්දු යැවීමයි.
මේ අනුව ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ ෂිකාර් ධවාන් පළමු පිතිකරු යුගළය ලෙස සුපුරුදු පරිදි පිටියට බට අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පන්දු ඕවරය යවන ලද්දේ ලසිත් මාලිංග විසිනි.