මැති ඇමති වාහන ගෙන්වීම අත්හිටුවයි

ගංවතුර සහ නාය යාම් නිසා විශාල ජනකායක් විපතට පත්ව සිටින වාතාවරණය යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ අමාත්‍යාංශ සඳහා වාහන ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.
එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මෙම වසරට බල පැවැත්වෙන මට්ටමිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් එම තීරණයට එළඹ ඇත.
වහාම ක්‍රියාත්මක කෙරෙන මට්ටමින් පියවර ගන්නා මෙන් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට උපදෙස් දී ඇති බව වාර්තාවෙයි.




