පාහියංගල නාය යාම: යටගම්පිටිය විනාශය දැන් තත්වය
හොරණ බුලත්සිංහල පාහියංගල කන්ද නාය යාමත් සමග ඒ ආසන්නයේ නිවාස පහක විසූ විසි දෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බව ගම්වාසීහු පවසති.
කන්ද නාය යාමත් සමග ඊට පහළින් ගලා බසින නාගහ දොළ හරස් වී පිටාර ගලා තිබේ.
ඒ සමග යටගම්පිටිය ගම්මානය, පිටාර ගැලූ ජල පහරට හසු වී ඇති අතර ඒ හේතුවෙන් එම ගම්මානයේ වැසියන් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
ගංවතුර හේතුවෙන් අවතැන් වූ හාරසියයක පමණ පිරිසක් යටගම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ තාවකාලිකව රැඳී සිටිති.
බලධාරීන්ට ගම්මානයට ළඟා වීම අපහසු වීම හේතුවෙන් මිය ගිය පිරිස මරණ පරීක්ෂණයක් නොමැතිව භූමදානය කළ බව ගම්වාසීහු පවසති.











