අගමැති රනිල් "එකම තීරයක් – එකම මාවතක්” සමුළුවට

බෙයිජිං අගනුවර පැවැත්වෙන "එකම තීරයක් - එකම මාවතක්" මහා සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම 13 වන දා චීනය බලා පිටත්ව යෑමට නියමිත බව අගමැති කාර්යාලය පවසයි.

එම සංචාරයේ දී බෙයිජිං අගනුවර පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවකට ද ශ්‍රී ලංකා අගමැතිවරයා සහභාගී වෙන අතර රටවල් තිහක රාජ්‍ය නායකයෝ ඊට සහභාගී වෙති.

එම වටමේස සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ චීන ජනාධිපති ෂී ජින් පිං ගේ සංකල්පයක් අනුව දියත් කෙරෙන 'තීරයක් සහ මාවතක්' ප්‍රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ පිළිබඳව බවත් අගමැති කාර්යාලය මගින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.