ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැයි පෙළපාලි සහ රැලි ඇරඹෙයි
අද මැයි දින සමරු පෙළපාලි සහ රැස්වීම් ,මේ වනවිට ආරම්භ වී පෙරට යමින් ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වී ඇති අතර ඒකාබද්ධ විපක්ෂ සන්ධානයේ මැයි රැළිය ගෝල්ෆේස් පිටියේ දැන් පැවැත්වෙයි.
මහනුවර අවට වැහිබර කාලගුණයක් පවතී.
ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය දෙහිවල එස්. ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ අතර රැළිය මෙයින් මඳ වෙලාවකට පෙර කොළඹ බී.ආර්.සී පිටියේ දී ආරම්භ විය.
දෙමළ ජාතික සන්ධානයේ මැයි දින රැළිය අම්පාර, අක්කරෙයිපත්තුවේදී ආරම්භ කෙරුණි.
ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා විස්සකට අධික පෙළපාලි සහ රැස්වීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වෙන අතර ඉන් වැඩිම සංඛ්‍යාව පැවැත්වෙන්නේ කොළඹයි.