ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්ධන වර්ජනය 'අවසන්'
ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කළ බව එම එකමුතුව සහ ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි නිවේදනය කළහ.
අද (අප්‍රේල් 24) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුව ගත් බව ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේය.
වෘත්තීය සමිති විසින් වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ඛනිජ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට දීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට චෝදනා කරමිනි.
හෙටින් (අප්‍රේල් 24) ආරම්භ වන සිය ඉන්දීය නිල සංචාරය අතරතුර අදාළ තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බවට අගමැතිවරයා ලිඛිත පොරොන්දුවක් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
අගමැතිවරයා දුන් ලිඛිත පොරොන්දුව මත වර්ජනය අවසන් කළ බව එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබේ.