ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප‍්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය සාර්ථකයි - චම්පික
අත්හදා බැලීමක් ලෙසින් ක්‍රියාත්මක කළ ප‍්‍රමුඛතා මංතීරු නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බව මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
පසුගිය මාර්තු 12 වෙනි දින සිට 19 වෙනි දින දක්වා කාර්ය බහුල හෝරාවන් වලදී රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා බස් රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරුවක් වෙන් කර විශේෂ අධ්‍යයනයක් සිදු කරන ලදි.
එය අසාර්ථක ව්‍යාපෘතියක් බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු නමුත් 14 වෙනි දින සිට 19 වෙනි දින දක්වා එම මාර්ගය භාවිත කළ සියළුම දෙනාට මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය දැකගත හැකිවූ බව ව්‍යාපෘති වාර්තාව උපුටා දක්වමින් අමාත්‍යවරයා අද (22) අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය.
ව්‍යාපෘති වාර්තාවට අනුව සාමාන්‍යයෙන් පැයට කි.මී. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක වේගය මෙම අධ්‍යයන කාලය තුළ දී පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය වී තිබේ.
අනෙක් ප‍්‍රවාහන කාණ්ඩවල රථවාහන 21,927 කින් මගී පහසුකම් සැලසී ඇත්තේ 32,891 පිරිසකට පමණක් වන බැවින් බස් රථ සඳහා මෙන්ම පාසල්, සහ රැකියා කටයුතු සඳහා භාවිත කරන පොදු ප‍්‍රවාහන සේවය වෙනුවෙන් ප‍්‍රමුඛතා මංතීරු විධිමත්ව හඳුන්වා දෙන්නේ නම් ඉන් කාලය මෙන්ම මාර්ග තදබදය ද සැලකිය යුතු ප‍්‍රමාණයකින් අවම කර ගත හැකි බවත් ව්‍යාපෘති වාර්තාවෙන් අවධාරණය කර තිබේ.
පොදු ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ විධිමත් මාර්ග පද්ධතියක් සැකසීම මෙන්ම වාහන භාවිත කරන්නන් විධිමත් ලෙසින් දැනුවත් කිරීම මගින් වාහන තදබදයට පිළියම් ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.