සෝමාලි පැහැරගැනීම: ලාංකිකයන් ගැන අවධානය

hijacked vessel

ඡායාරූප මූලාශ්‍රය, Mohamed Deeq - SBC

ඡායාරූප ශීර්ෂ වැකිය, නෞකාව සෝමාලියාවේ මොගදිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබිණි

සෝමාලියාවට නුදුරු මුහුදේදී කොල්ලකරුවන්ගේ පැහැර ගැනීමට ලක්ව ඇති බව පැවසෙන ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සේවය කොට ඇතැයි වාර්තාවන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලාංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් ඒ පිළිබඳ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මූළික විමසීම්වලින් කරුණු හෙළිවන පරිදි අදාළ නෞකාව ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ධජය සහිත නෞකාවක් සෝමාලියාවේ උතුරු දිග වෙරළට නුදුරින් යාත්‍රා කරමින් තිබියදී මුහුදු කොල්ලකරුවන් බවට සැක කෙරෙන කීපදෙනෙකු ඊට ඇතුළු වී ඇති බව එරට බලධාරීහු පවසති.