ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වාස් පවුලට එරෙහි චෝදනා කියැවෙයි
2009 වසරේදී මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ නිපුන රාමනායක ශිෂ්‍යයා පැහැරගෙන ගොස් වධහිංසා සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුළු පොලිස් නිලධාරින් පස් දෙනෙකුට එරෙහිව අද (මාර්තු 07) කොළඹ මහාධිකරණයේදී චෝදනා කියවනු ලැබීය.
එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවෝ කියා සිටියහ.
බිරිඳ සහ පුතු
පැහැරගැනීමට ලක්වූ නිපුන රාමනායක අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තමන්ව බලහත්කාරයෙන් පැහැරගෙන නිවසකට රැගෙන ගිය බවය.
එහිදී වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී පෙරේරා තමන්ට අසභ්‍ය වචනවලින් බැනවැදී අමානුෂික ලෙස පහරදුන් බවද සාක්ෂිකරු කියා සිටියේය.
වැඩිදුර විභාගය හෙට දිනට කල් තැබුණි.
2009 වසරේදී මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් වධ හිංසාවලට ලක්කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.