කේපාපිලව් ඉඩම් යළි පවරයි

කෙපාපිලව් ඉඩම් යළි පවරයි

මුලතිවු දිස්ත්‍රික්කයේ කේපාපිලවු ගම්මානයේ ගුවන් හමුදාවේ පරිහරණය යටතේ පැවති පවුල් 52 දෙකකට අයත් ඉඩම් අක්කර 42ක් නිදහස් කොට අද (මාර්තු 01) දහවල් තමන් වෙත බාරදුන් බව මුලතිවු දිසාපතිනී රූපවතී කේතීස්වරන් පැවසුවාය.

දිසාපතිනිය විසින් භාර ගනු ලැබූ ඉඩම්වල අයිතිකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීමත් සමගම කේපාපිලවු ගම්මානයේ වැසියෝ ඔල්වරසන් දෙමින් සිය සිය සතුට පල කළහ.

කේපාපිලවු ගම්මානයේ වැසියන් වෙත එම ඉඩම් නිදහස් කර දීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දනුම් දීමක ප්‍රතිඵලයක් වශයෙනි.

කේපාපිලවු ගම්මානයේ වැසියන් වෙත එම ඉඩම් නිදහස් කර දීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දනුම් දීමක ප්‍රතිඵලයක් වශයෙනි.

මුලතිවු දිසාපතිනිය වැඩි දුරටත් කියා සිටියේ කේපාපිලවු ගම්මානයේ යුද හමුදාව විසින් තවමත් පරිහරණය කරනු ලබන ඉඩම් නැවත නොලැබුණු පිරිස අද සිට අළුතින් විරෝධතාවක් ආරම්භ කළ බවය.

එසේ යුද හමුදාව විසින් තවමත් පරිහරණය කරන සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ප්‍රමාණය කොතෙක් දැයි තමන් නොදන්නා බවද ඇය කියා සිටියාය.

කෙපාපිලව් ඉඩම් යළි පවරයි