මාදුරු ඔයේ පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Lightsource
මාදුරු ඔය ජලාශයේ මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර තරගකාරී යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අද (මාර්තු 01) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ඊයේ (පෙබ.29) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීන්දුව ගත් බවය.
අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් යොදා ගැනීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, United Utilities
තාප විදුලි ජනනය අඩු කර පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කෙරෙහි යොමුවීමේ පියවරක් ලෙස මහවැලි ආර්ථික කලාපයට අයත් ජලාශවල මතුපිට, පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර ඉදිකිරීමට රජය පසුගියදා තීරණය කළ අතර එහි පළමු පියවර ලෙස මාදුරු ඔය ජලාශය තෝරා ගෙන තිබේ.
මාදුරු ඔය ජලාශයේ අක්කර 500 ක පමණ වපසරියකින් යුත් ඉඩ ප්‍රමාණය ජලාශයේ සම්පූර්ණ වපසරියෙන් 4% කට වඩා අඩු ප්‍රමාණයක් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේය.






