ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍රිකට්: නව කළමනාකරු අසංක ගුරුසිංහ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු අසංක ගුරුසිංහ කණ්ඩායමේ නව කළමනාකරු ලෙසින් පත්කරන ලද බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
1996 දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක තුන පිතිකරු ස්ථානය හෙබැවූ අසංක ගුරුසිංහගේ පිතිහරඹය ද ජගත් ක්‍රිකට් කුසලානය දිනාගැනීමට මහෝපකාරී විය.
ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් 1996 දී ඔහු දේශබන්දු සම්මානයෙන් පිදුම් ලැබුවේය.
වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අසංක ගුරුසිංහ ක්‍රිකට් පුහුණුකරුවකු වශයෙන් සේවය කරයි.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශූරතාවලියේ කළමනාකරු වශයෙන් ක්‍රියාකිරීම පිණිස ඔහු ළඟදීම ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇති බවත් නිවේදනයේ සඳහන්වේ.
මේ අතර කණ්ඩායමේ ස්ථිර නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධිතව සිටින බැවින් බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකයා ලෙස රංගන හේරත් පත්කර තිබේ.